Chapter 4

779 168 47
                                    

එදා උදෙන්ම ජන්ග්කුක්ව ගෙනත් දාන්න ජිමින් එක්ක නම්ජුනුත් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා උදෙන්ම ජන්ග්කුක්ව ගෙනත් දාන්න ජිමින් එක්ක නම්ජුනුත් ආවා.

"කුක්, ඔයාට හොඳටම ශුවර්ද ඔයාට තනියෙන් ඉන්න පුළුවන් කියලා?" නම්ජුන් ඇහුවම ජන්ග්කුක් හිනාවෙලා නම්ජුන්ගෙ කම්මුල් දෙපැත්තෙන් අත තියලා ඒ මූණට එබුනා.

"හ්‍යොන්ග්.. මං දන්නවා ඔයාට මං නැතුව පාලුයි කියලා. ඒත් මට හැමදාම ඔයා ළඟ ඉන්න බෑනෙ. මං නැති ටිකේ ඔයා නෑනෙක් හොයාගන්න. මස්සිනෙක් උනත් අවුලක් නෑ." ජන්ග්කුක් හිනාවෙවී කියපු කතාවට ඩ්‍රයිවින් සීට් එකේ හිටපු ජිමින්ටත් හිනාගියා.

"ඔව් ඔව්.. මට දැන් එච්චරයි අඩු."

"තේරුම් ගත්තා නම් ලොකූ දෙයක්.."

"පණ්ඩිතකම් පැත්තකින් තියලා මේක අහගන්නවා හොඳට.. ඔයා අර ටේහ්‍යොන්ග් කාරයව මග ඇරලා ඉන්න ඕනෙ. කොයිම වෙලාවකවත් ඒ මනුස්සයා එක්ක තනිවෙන්න එපා. මොනාහරි උනොත් මට ඒ ගමන්ම කෝල් කරන්න. මං යුන්ගියටත් කියන්නම්.."

"ආයිශ් හ්‍යොන්ග්, ඔයා යුන්ගි හ්‍යොන්ග්ට ඕවා කියන්න යන්නෙ පිස්සුද? හරියට ඉස්කෝලේ වගේ.. මට පුළුවන් පරිස්සම් වෙන්න."

"අන්න ඒකමයි මට තියෙන බය."

කොහොමින් කොහොමහරි උපදෙස් ගණනාවකට පස්සෙ ජන්ග්කුක්ට යුන්ගි එක්ක ගමන පිටත් වෙන්න අවසර ලැබුණා. නම්ජුන්ගෙ කියවිල්ල වදයක් උනත් මේ ජන්ග්කුක් ගෙදරින් පිට සති දෙකක තරම් ලොකු කාලයක් ගත කරන පළවෙනි වතාව නිසා නම්ජුන්ගෙ බය සාධාරණයි කියලා ජන්ග්කුක් උනත් තේරුම් ගත්තා.

ඇක්ටර්ස්ලා එක්ක ස්ටාෆ් එකත් යන නිසා යුන්ගි ගමනට සූදානම් කරලා තිබුනෙ සුඛෝපභෝගී බස් රථයක්. ජන්ග්කුක්ට ඉඳගන්න ලැබුනෙ ඩ්‍රාමා එක ඇතුලෙ ජුආන්ගෙ සහ ජේහාගෙ ආදර කතාව ඇතුලෙ ඉන්න තුන්වෙනියා උනු මින්ග්‍යු කියන ඇක්ටර් ළඟින්. මින්ග්‍යු කියන්නෙත් ගොඩක් පරණ ඇක්ටර් කෙනෙක් නොවුනු නිසා වගේම එයත් ජන්ග්කුක්ගෙම වයසෙ උනු නිසා ලේසියෙන් කෙනෙක් එක්ක කතා බහ නොකරන ජන්ග්කුක් හරි ඉක්මනට මින්ග්‍යු එක්ක හිතවත් වුණා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now