Chapter 18

1.1K 200 72
                                    

"බහින්න!" වාහනය නැවතෙනවත් එක්කම නම්ජුන්ගෙ කටහඬ අවදි උනේ ජන්ග්කුක්ව සහ ජිමින්ව තිගස්සවමින්.

නිහඬවම නම්ජුන්ට අවනත වෙලා වාහනෙන් එළියට බැහැපු ජන්ග්කුක්ගෙ ඇස් කුතුහලයෙන් පිරිලා ගියෙ එයාලා ඇවිත් ඉන්නෙ ජන්ග්කුක් මීටකලින් ඇවිත් නැති තැනකට නිසා.

"ඇතුලට යං.." නම්ජුන් එහෙම කියාගෙනම එයාලා ඉස්සරහා තිබුනු නිවෙසට ඇතුල් වෙද්දි ජන්ග්කුක් ජිමින් දිහා බැලුවා. ජිමින් දෙඋරහිස් හකුලවලා එයාටත් මේ වෙන දේවල් ගැන හරි අදහසක් නෑ කියලා අඟවපු නිසා ජන්ග්කුක් බයෙන් බයෙන් උනත් නම්ජුන් පිටිපස්සෙන් නිවසට ඇතුල් වුණා.

"ඔයා?" ඇතුලෙ පුටුවක් උඩ ඉඳගෙන ඉන්න මින් හාරාව දැකපු ජන්ග්කුක්ගෙ ඇස් විශාල වෙලා යද්දි එයා අඩියට දෙකට නම්ජුන් ළඟට ළංවුණා.

ජන්ග්කුක්ව දැකපු හාරාගෙ ඇසුත් පුදුමයෙන් ලොකුවෙලා ගියා. ඒත් එක්කම ඒ මූණේ සැනසීමක සේයාවක් ඇඳිලා ගියා.

"හ්‍යොන්ග්.. මොකද්ද මේ වෙන්නෙ?" ජන්ග්කුක් නම්ජුන් දිහාවට හැරෙන ගමන් ඇහුවෙ ටිකකට කලින් එයා ඉස්සරහදිම කිඩ්නැප් කරපු ආරා කොහොමද දැන් මෙතන ඉන්නෙ කියලා හිතාගන්න බැරුව.

"මේ වතාවෙදි මෙයා කියපු දේවල් වලට අනුව ටේහ්‍යොන්ග් වැරදිකාරයද? නිවැරදිකාරයද?" නම්ජුන් ඇහුවෙ එච්චරයි.

සුසුමක් හෙලපු ජන්ග්කුක් මින් හාරා එයාට කියපු හැමදෙයක්ම ඒ විදිහටම නම්ජුන්ට සහ ජිමින්ටත් කිව්වා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now