Chapter 15

1K 198 179
                                    

ලිලී අම්මට වෙනසක් නොපෙන්වපු ජන්ග්කුක් දවල්ටත් කාලා ආවෙ කියලා බොරුවකුත් කියාගෙන කෙලින්ම ගියෙ එයාගෙ රූම් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලිලී අම්මට වෙනසක් නොපෙන්වපු ජන්ග්කුක් දවල්ටත් කාලා ආවෙ කියලා බොරුවකුත් කියාගෙන කෙලින්ම ගියෙ එයාගෙ රූම් එකට.

මග දිගට දාගෙන හිටපු හැට් එක, සපත්තු, ජැකට් ඔක්කොම ගලවලා පැත්තකට විසිකරපු ජන්ග්කුක් කෙලින්ම ගිහින් වැටුනෙ එයාගෙ ඇඳට. හේතුවක් දන්නෙ නැතුවම ඒ ඇස් වලින් කඳුලු බිංදු කීපයක් රෝස කම්මුල් තෙමාගෙන පහලට ගලාගෙන ගියා.

"බැරිවෙලාවත්..." ජන්ග්කුක් වෙතින් පිට උනත් ඇස් තද කරලා පියාගත්තු ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවා. "නෑ.. ඒක වෙන්න බෑ."

"ඒත්.. ඒ වීඩියෝ එකේ එයා හැසිරුනු හැටි.. අද එයා කියපු දේවල්.. ඇත්තටම එයා එහෙම කෙනෙක් නම් එතකොට... අර්හ්! නෑ නෑ නෑ!!! එයා එහෙම කෙනෙක් නෙවෙයි." කම්මුල් ඇදුම් කන තරම් තදින් කඳුලු පිහදාගත්තු ජන්ග්කුක් ෆෝන් එක අරන් ජිමින්ගෙ නම්බර් එක ඩයල් කරා.

"කුක්.. what's up?"

"හ්‍යොන්ග්.."

"කුක්? ඔයාගෙ කටහඬ අමුතුයි.. මොකද උනේ?" ජිමින්ගෙ කටහඬ කලබලකාරී බවක් ගනිද්දි ජන්ග්කුක් ආයෙ කතා කරන්න කලින් පුළුවන් තරම් සන්සුන් උනා.

"එහෙම මුකුත් නෑ.. අම්.. පුළුවන් නම් මෙහෙට ටිකක් ඇවිත් යනවද? මට ටිකක් කතා කරන්න ඕනෙ."

"Allright, gimme 5 minutes. I'll be there." ඒත් එක්කම ලයින් එක කට් උනු නිසා ෆෝන් එක පැත්තකට දාපු ජන්ග්කුක් දිග හුස්මක් උඩට අරගත්තා. ඊටපස්සෙ බාත්රූම් එකට ගිහින් මූණ හෝදගෙන තෙත මාත්තු කරගත්තු ජන්ග්කුක් ජිමින් එනකම් බලන් හිටියා.

කිව්වා වගේම විනාඩි 10ක් යන්නත් කලින් ජිමින් ජන්ග්කුක්ව හොයාගෙන කාමරේටම ආවා. අවුල් වෙලා තිබුනු කොණ්ඩෙ අතින් හද හද එන ජිමින් ඇඳගෙන හිටපු ඇඳුමෙන්ම එයා චේන්ජ් කරන්නෙවත් නැතුව ඇවිත් තියෙන්නෙ කියලා තේරෙද්දි ජන්ග්කුක්ගෙ හිතට ජිමින් ගැන ලොකු ආදරයක් දැනුනා. කොච්චර රණ්ඩු උනත් පුංචිම දේටත් එයා ළඟින් ඉන්න ජිමින් ජන්ග්කුක්ට එයාගෙ මැනේජර්ට වඩා එයාගෙ හොඳම යාලුවා උනා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now