Chapter 7

1.1K 227 116
                                    


Babies🥺💚💜️


එදා රෑ ටේහ්‍යොන්ග් කාමරේට ආවෙ සාමාන්‍යයෙන් ඒ වෙලාව වෙද්දි ජන්ග්කුක් නිදාගෙන ඇති කියලා හිතාගෙන. මොකද වෙනදට නම් එයා ඒ වෙලාවට එද්දි ජන්ග්කුක්ට නින්ද ගිහින්.

ඒත් තමන් දිහාවට හැරවුනු බෝල ඇස් දැක්කම ටේහ්‍යොන්ග්ට ආපහු යන්න හිතුනත් කරන්න දෙයක් නැති තැන ජන්ග්කුක් දිහා නොබලම ටේහ්‍යොන්ග් බාත්රූම් එකට ගියා. පිරිසිදු වෙන්න වෙනදට වඩා වැඩිවෙලාවක් ගත්තා උනත් ටේහ්‍යොන්ග් ආපහු කාමරේට එද්දිත් ජන්ග්කුක් නිදාගෙන හිටියෙ නෑ.

පිජාමා කලිසම විතරක් දාගෙන ඇඳට ආපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දිහා නොබලම ඇඳේ වැතිරුනා උනත් ජන්ග්කුක් ඒත් එක්කම එයාගෙ පැත්තට හැරුණා.

"හ්‍යොන්ග්?" ජන්ග්කුක් කතා කරත් ටේහ්‍යොන්ග් ඇහුනෙ නෑ වගේ හිටියා.

"හ්‍යොන්ග්ග්ග්ග්ග්!" ජන්ග්කුක්ගෙ කන් කෙඳිරිය අහන් ඉන්න බැරිම තැන ටේහ්‍යොන්ග් හැරිලා ජන්ග්කුක් දිහා බැලුවා.

"මොකද?"

"අම්.. ඔයා.. ඇත්තටම.. මින් හාරා.. එදා මොකද්ද උනේ?" ජන්ග්කුක් බයෙන් උනත් එයාට මෙච්චර වෙලාවක් වද දුන්නු ප්‍රශ්නෙ ටේහ්‍යොන්ග්ගෙන් ඇහුවා.

"මුකුත් උනේ නෑ! උනත් ඔයාට ඒකෙන් ඇති වැඩකුත් නෑ. විකාර නැතුව නිදාගන්න ජන්ග්කුක්!"

"ඒත්.."

"දැන් කතා කරා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. ඒ නිසා නිදාගන්න. අපි හෙට උදෙන්ම යන්න ඕනෙ." මේ වතාවෙදි නම් ටේහ්‍යොන්ග්ගෙ හඬ එයාටත් නොදැනුවත්වම මෘදු ස්වභාවයක් ගත්තා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now