අනේ කොල්ලව දැක්ක කල් ...අැදිලා ගිහින්ද මන්දා ..වාඩි වෙන්න මැනික මම බොන්න මොනවා හරි හදව් එන්නම් ..
මේ අදිර් දරැවත් ඉන්නේ ...වාඩි වෙන්න දරැවෝ ..
අපේ එක්කෙනානම් නිදිද කොහෙද ?
ගෙදර අාවෙත් වැනි වැනි ..ලොකු ගිහින් චුටිට කියන්න මේ කොල්ලෝ දෙන්නා අැවිත් කියලා ..
අදනම් බත් ටිකක් කාලම යමු හොදද ?
තිශාන්ගේ ඔලුව අත ගාපු බානුගේ අම්මා කුස්සියට යද්දි හිනා නොවි බැරි කමට හිනා වුනු මම නැගිට්ටේ එලියට යන්න ...
අතේ තිබ්බ උගුරක්වත් නොබිපු බිම එක පැත්තකින් තියලා සෙහස්නටත් හොදවැයින් ඔරවලා එලියට අාවට මොකද මට අාපු මොඩ කම කියලා හිතුනා ..
එලියේ තිබ්බ ඔන්චිල්ලාවේ වාඩි වෙලා මගේ දිහාම බලන් හිටපු කෙවින් අයියව දැක්කහම හිමිට ගාර්ඩ්න් එකෙනුත් මාරැ වෙන්න හැදුවත් ලෝක විනාසේ වෙනවා වගේ මගේ නම මතුර මතුර දුවගෙන අාපු බානුවා මගේ අැගට පැනලා බෙල්ල වටේ අත් දෙක හිර කරගත්තේ මම පැනලා යය කියලා වගේ ..
අවංකවම මු අාවේ නැත්තන් මම මෙතනින් පයිනවා ශික් .....වෙනදට ලොකේ පෙරලුනත් නිදා ගන්න එකා අද මොකද විනාඩි දෙකට අැහැරලා...
දැන් උබට අපේ ගෙදර එන්නත් බුලත් දෙන්ක වෙලා නේ ..උබ හොස්පිල්ට් එකෙදි ත් මාව මග අරිනවා ..මොකක්ද බන් මේක ..
මට හරි දුකයි ඔයි ..ලව් කරන්න ගත්තත් හරි මාව මතක නැ ...වෙනදට කන්න ගියත් එනවා දවසකට වචන දහයක් හරි කතා කරනවා අඩුම ..මොකක්ද බන් උබට උනේ ..
කෝ මේ අදීරයා ....
අඩෝ අදීර් මෙහේ වරෙන් ...
බානු ඔහේ කියවනවා..එ අස්සේ පැත්තක හිටපු සෙහස්නටත් බෙරිහන් දිලා කතා කරනකොට මම බැලුවේ දශමයක්වත් වෙනස් නොවි මගේ දිහා බලපු කෙවින් අයියා දිහා ..
එ බැල්ම දශමෙකින් වෙනසක් නැ ..ස්තිර අැස් දෙක අස්සේ නලියන හැගිම් නම් තප්පරෙන් තප්පරේට වෙනස් වෙනවා ..එත් මට එවා කියවගන්න බැරි තරම් සන්කිර්ණ නිසාම මම කෙවින් අයියව කියවන්න ගියේ නැ පාඩුවේ හිටියා මිසක් ...
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...