.
වසර 40කට පසු .............................
අැමෙරිකාවේ නිව්යොක් නගරය ......
යේ හු .................
දුවිලි කපාගෙන ගිය කොල පාට බයික් එක පදින කොල්ලා මහා හයියෙන් බෙරිහන් දෙනකොටම අහල පහල අය පවා ඉස්සි ඉස්සි බැලුවේ හුලග කපාගෙන යන මේ කොල්ලෝ දෙන්නා කවුද කියලා වෙන්න අැති ....
රතු පාට යමහා R1 බයික් එකට වෙට්ටුවක් දාගෙනම වගේ කොල පාට කවසාකි නින්ජා H2 බයික් එක අාපහු දුවිලි කපන් ඉස්සරහට අැදෙද්දි එකේ හිටපු කොල්ලා හරි සතුටින් හෙල්මන්ට් එක යටින් කැගැහුවා ...
වටේ පිටේ ඉන්න කොල්ලෝ කෙල්ලෙේ පවා වෙට්ටු දාන බයික් දෙකට විසිල් කරද්දි රතු බයික් එකේ කොල්ලා ග්වුස් දාපු අත් දෙකෙන්ම තම්සප් එකක් දෙනකොට කොල බයික් එක හිතාගන්නත් කලින් වංගුවෙන් හැරිලා අතුරැදහන් වෙලත් ඉවරයි ..
එ බයික් එකේ නැවතුම කොහෙද කියලා දන්න නිසාම පැයට හැත්තම්ම 100ත් පන්නලා අාපු රතු පාට යමහා එක ස්ලෝ කරලා හිමිට වන්ගුවෙන් හැරිලා ගියේ කොල බයික් එක ගිය නැවතුමටම තමා ....
ටිකෙන් ටික ගෙවල් අඩු වෙලා නැතිවම යනකොට ඉස්සරහින් පේන ලොකු ලැවැන්ඩා මල් යායේ කොනක තියෙන ලොකු ගේ ලග කොල පාට බයික් එක නතර කරලා තිබ්බා ...බයික් එක උඩ ගලවලා දාපු ජැකට් එක ග්ලවුස් එක්ක සපත්තු දෙක දැක්කහම රතු බයික් එකේ කොල්ලටනම් ලාවට හිනාවක් ගියා ...
YOU ARE READING
3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
Mystery / Thrillerබිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. ම...