EPOISODE 34

534 80 10
                                    

දොස්තර කෙනෙක් වුනු මම අදුරැ මායාව  ශක්තින් , ගැන හොයන්න ගත්තේ ඊට පස්සේ ..

හිතාගන්නවත් බැරි දේවල් ...මාස තුනක් මම නිහඩ වුනු හේතුව මගේ හිතේ තිබ්බ තිගැසිම ..තිශාන්ගේ සොහොන් කොතට නොගිය හේතුව මගේ බය ..

කොහොමද මැරැන කෙනෙක් එහෙම ...

මට  හොදට මතකයි එවා හිතලුවක් නෙමේ ..මට දැනුනා ..මම දැක්කා මට අැහුනා .

තිශාන්ට ෆාදර් අාශිර්වාද කලා කියද්දි මම තවත් බය වුනා ..එදා ඉදන් මම කලේම ඩාර්ක් මැජික් , සුපර්නැචුරල් දේවල් ගැන හොයපු එක ...

හැබැයි එක අහන්න හොදම කෙනා ඉදලා තින්නේ  මගේ ලගමයි ...

මම පිස්සුවෙන් වගේ සුපර්නැචුරල් දේවල්  හොයද්දි  එ වගේ දෙවල් වල ඉතිහාසයේ ඉදන් කටපාඩම් කරගෙන  හොල්මන් හොයන එක හොබි එක කරගත්ත කොල්ලා මටත් නොදැනෙන්න මම හොයන දේවල් වලට උදව් කරා ...

මගේ කරේ තිබ්බ මාලේ මට කොච්චර මට ගලවන්න ඔනි වුනත් මට ගලවන්න නොදුන්නේ බානු ...

තිශාන්ගේ මරණෙන් පස්සේ බානු මගේ පස්සෙන්ම හිටියා ..මම පල්ලියට පන්සලකට ගියත් බානු මගේ ලගින්ම හිටියා ...

එයා මොනවා හරි දැනගෙන හිටියද නැද්ද මම දන්නේ නැතත් කවදාවත් බානු තිශාන් ගැන අැහුවේ නැ ..කෙවින් වුනත් තිශාන්ව දැක්කා ගගා බයවෙද්දි එක බානු ගනන් ගත්තෙවත් නැ ..කෙවින්ගේ අතේ පිරිත් නුල් තියෙද්දි හිමිට වැඩක් වෙන්නැ ගාලා මිමුනුවා අැරෙන්න  එයා වෙන මොනවත්  කලෙත් නැ ....

තිශාන් ගේ අතුරැදහන් විමක් බලාපොරොත්තු වුන මට තිශාන්ගේ මරණයක් නොවන මරණයේ මවා පැම කොහොමත් දරාගන්න බැරි වුනා ...

රැට හිනෙන් හිනෙන් දැනුනු උනුහුම අස්සේ ගුලි වෙනකොට  මම යන යන තැන මාව නිවන ලැවැන්ඩාු සුවද එනකොට තැනින් තැන එයාගේ ජායාව පේනකොට කෙවින් නිසා ගිය පල්ලියේ ඉස්සරහා අහම්බකෙනි තිශාන්ගේ සොහොන තියනකොට මම මුලින්ම දැක්කේ කිරිගරැඩ සොහොන උඩ තිබ්බ ඉටිපන්දම වෙනුවට එක අල්ලගෙව මගේ දිහා බලන් ඉන්න හුරැපුරැදු රැපේ ...අාමන්ඩ් පාට අැස් දෙකේ අයිතිකාරයා ....කොහෙන්දෝ අාපු හයියකට මම දුවගෙන සොහොන් කොත ගාවට යද්දි මට ඉතුරැ වුනේ මගේ උරහිසේ වැදිගෙන ගිය හුලග විතරමයි ...
හුලගටත් වඩා වෙගෙන් එයා අතඅරැදහන් වෙලා තිබ්බා ...

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)Where stories live. Discover now