පළමු කොටස

5.3K 335 205
                                    

සිය අධිමානසික හැකියාව ආත්මීය විවරයෙන් පිටතට එන තුරු බලා සිටින ඔබට පුද කරමි🦋✨

මෙහ එන නම් ගම් සිදුවීම් සියල්ල මනඃකල්පිත වන අතර , මෙහි එන සියලුම පුරාවෘත ආශ්‍රිත සංසිද්ධීන් අතීත ලාංකීය පුරාවෘත , මිත්‍යා මත සහ කතෘ මනසේ මැවුනු සිදුවීම් දාමයක එකතුවක් වග කරුණාවෙන් සලකන්න. 

මෙහි එන කිසිදු කරුණක් මගින් කිසිදු දර්ශනයක් , ආගමක්  හෝ  කිසිදු පුද්ගලයෙකුට අපහාසයක් සිදු නොකරන අතර , කිසිදු ආකාරයක දේශපාලනික පක්ෂයක් නියෝජනය නොකරන වග සලකන්න

 සියලු හිමිකම් සහිතයි ® 

______________________________💫

"සුදු අරලියා මල
පිපුනෙ ඇයි තනිවම
ලෙංගතු ඇසුරකට
මට දැන් අවසරද? "

කීල්ස් එකෙ තිවුන අයිස් පෙට්ටියට හේත්තුවක් දාගෙන ආරුල් ආදිත්‍ය කෑරගල කියලා නම  වැටුනු විසි හැවිදිරි ගැටවරයා විසිල් එකක් පිම්බේ එතනින් සැමන් ටින් ගොඩක් තල්ලු කරගෙන ගියපු තරුණ කෙල්ලගෙ සර්වාංගේම ඉහේ ඉඳන් පාදාන්තයටම රතු පාට වෙලා යනකොට.

ඒකත් එක්කලා කීල්ස් එක අස්සෙ රිංගා ගත්ත ආරුල්ගෙ ගජ මිතුරා නැත්තං අපායසහයක , සහිල් කේතක උන්නෙ තමන්ගෙ මදාවි මිත්‍රයාගෙ මනමාල හැන්දෑවට බාධා කරන්න බැරි තරමට කාර්යබහුල වෙලා. ඒකා යන එන ගමන් රාක්ක වල පුරෝල තිවුන මුරුක්කු පැකට් , චිප්ස් පැකට් සාක්කුවලට පුරෝ ගත්තෙ පුරුදු කාරයා ගානට.  කෙල්ල ආරුල්ට කෝල හිනාවක් පාලා ඒ ගමන එතැනින් තොලොංචි වෙනකොට ආරුල් කට කොනෙන් හිනා උනා.

"ඇයි බයද සැකද අක්කේ
මල්ලිලාගෙ වෙන්ඩ? "

ටිකක් හයියෙන් කීව ආරුල් එතැනින් පැත්තකට උනේ ඒකට අනවශ්‍ය අවධානයක් එනවාය කියලා තේරුන නිසා. විනාඩි කීපයක් යනකම්ම ආරුල්ගෙ ඔලුවෙ වැඩ කලේ සැමන් ටින් ට්‍රොලියක් තල්ලු කරාන ගියපු අක්කණ්ඩි උනත් ඒකාගෙ මොලේ අනිත් පැත්ත ඒකාගෙ අත් දෙකමයි , ඇස් දෙක , කකුල් දෙක යස අගේට පාලනය කරන්ඩ ගත්තා. ඒකා තප්පර කීපයකට මෙලෝ වැඩකට නැති ලක්ස් සබන් කැඩ දෙකක් පවා ඇඳගෙන උන්නු කඩ බැගී කලිසමේ කලිසම් සාක්කුවලට ඔබා ගත්තා.

පුනරාගමනWhere stories live. Discover now