පනස් හය වන කොටස

488 103 76
                                    

කමෙන්ට් ගෝල් 50

ආරුල් නැගිට්ටෙ ටිකක් දවල් වෙලා. කවුලුවෙන් මූණට එලිය වැටෙනකොට නැගිට්ට ආරුල් අනිත් පැත්ත හැරුනත් ඔහුට අමුත්තක් දැනුනාම ඔහු ඇස් ඇරියා. ඇස් ඇරපු ගමන් ඔහුගෙ කම්මුල් දෙක රත් පැහැ උනේ පෙරදා රාත්‍රියේ සිදු උන සිදු වීම මතක් වෙලා. ඒ වෙනකොට විශුද් ඔහුගෙ එහා පැත්තෙ හිටියේ නැත්තෙ ඔහු උදෙන්ම නැගිටින පුද්ගලයෙක් උන නිසා වෙන්න ඕනෙ. ආරුල් අනුමාන කරපු විදියට ඒ වෙනකොට අද දහයත් පහු වෙලා. කිසිවක් නොකියා මූණ රතු කරගෙන ඇඳ උඩ ඉඳ ගත්ත ආරුල්ට යටි බඩෙන් කොරයක් දැනෙනකොට ඔහු ඇඳ විට්ටමට ඔලුව තියාගෙන තමන් එක්කම හිනා උනා.


"අයියෝ ස්වාමිනී යෙනක වේනා"

ආරුල් ඔලුවෙ අත ගහ ගන්න ගමන් රතු වෙච්චි කම්මුල් දෙක පිරි මැද්දා. ඉනට ඇඳ රෙද්ද පටලවා ගත්ත ආරුල් හිමීට ඇඳෙන් නැගිටිනකොට කුටියේ දොර ඇරගෙන එක් වරම එතැනට ආවේ විශුද්. ආරුල්ගෙ මුහුණ රතු උනා. ඔහු ඒ වන විට ඔහුගෙ සුපුරුදු ලෝගුවෙන් සැරසිලා ආරුල් දිහා කන්න වගේ බලාගෙන ඉන්නකොට ආරුල් විශුද් දිහා බලලා විරිත්තලා බිම බලා ගත්තෙ විශුද්ගෙ කම්මුල් දෙකත් ආරුල් දකිනකොට රතු වෙනවා ආරුල්ට තේරෙනකොට...



"ඔබ... ඔබට පිරිසිදු වීමට අවශ්‍යද?"

ඔහු කිසිවක් නොකරපු අහිංසකයා වගේ අහිංසක මූණක් හදාගෙන ආරුල්ගෙන් අහනකොට ආරුල් යන්තම් හිනා උනාම විශුද් ආරුල් ගාවට ඇවිදගෙන ආවාම විශුද්ගෙ හිතෙ තියන දේ ආරුල්ට ඉවෙන් වගේම වැටහුනාම ආරුල් හිනා වෙන ගමන් විශුද්ගෙ අතට එකක් ගැහුවා.


"මාව ඔයාට උස්සන්න බැරි වෙයි විශුදේ... මට පොඩ්ඩක් පැත්තකින් සප් එකක් දෙන්නකො ඒ ඇති"

ආරුල් කියනකොට විශුද් ඔහු දෙස මොහොතක් බලාගෙන හිටියා. ආරුල් විශුද් තරමටම වගේ උස මහත පුද්ගලියෙක් උන නිසා විශුද්ටත් විශ්වාසයක් තිබුණෙ නැහැ ඔහුට ආරුල්ව දෑත් අතරට ගන්න පුලුවන් වේවිද කියලා. කොහොම උනත් ඔහු උත්සාහ කර බැලීමෙන් , ප්‍රයත්නය සාර්ථක නොවුනොත් , ආරුල්ව  ඔහු අතින් අත් හැරුනොත් ආරුල්ට තවත් වේදනාවක් අත් වේවි කියලා සිතුව විශුද් කිසිවක් නොකියා ආරුල්ගෙ ඉනෙන් අල්ලා ගන්නකොට ආරුල් ගෙ මූණ රතු උනාම වැඩියෙ විශුද් දිහා නොබලන්න ආරුල් පරිස්සම් උනා.

පුනරාගමනWhere stories live. Discover now