🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚........
Manakalie නංගියාගෙන් හැමදාමත් වගේ ලස්සනම තෑග්ගක් ........💚❤💛
.
.
.
.
.ඉතින් ෆේරි සමග සෙල්ලම් කරන්නට තිබෙන නිසා ඔයා යන්නේ නැතිදැයි අසන බව අවබෝධ වුණු ශාන් සිනාසෙමින් ඔව් යැයි හිස සලද්දීම...........
" අප්පුස්සී.........අප්පුස්සී.........."
තවත් කුඩා පිරිමි දරුවෙකුගේ කටහඬක් ප්‍රධාන දොරටුව දෙසින් ඇසෙන්නට ඇසෙන්නට විය.......ඒ කටහඬත් සමගම නම් ඉතින් ෆේරිගේ මුහුණේ තිබුණු සිනහව අතුරුදහන් වී ගිය අතර ශාන් ඇය දෙසත් බලා දණ ගසාගෙන සිටි ඇඳ අසලින් නැගිටින්නට ගියත්................
**
............ෆේරි ශාන්ගේ අතකින් අල්ලාගත්තේය ....... ඉතින් ශාන් යලිත් ඇද අසලින් දනගසාගත්තේය ....
" අපුස්සී................ කෝ අපුස්සී..........."
දැන් නිවසේ ආලින්දය පැත්තෙන් ඒ කටහඬ ඇසෙන අතර ෆේරී ශාන්ගේ අත තදින් අල්ලාගත්තේය .....
",අපුස්සි වැඩට ගියා ලඛිත් බබා "
" වැදත ගියා.......අද ඉලිදනේ......'
" අද කොහෙද ඉරිදා අද සඳුදා....."
",සදුදා මෙමේ ඉරිදා....."
" හරි හරි ඔයා කියන දෙයක් තමයි ඉතින් .......අන්න අයියා නම් ඉන්නවා.......ඔන්න ඔයාට තව ලස්සන යාළුවෙකුත් ඉන්නවා....."
දැන් මේ ලකිත් බබාගේ සහ යූගේ සංවාදය ආලින්දයෙන් ඇසෙන අතර කාමරයේ සිටින එක් අයෙකුට නම් ඉතින් මේ කිසිවක් අවබෝධ වන්නේ නැත... ඊට හේතුව ඉතින් ඔවුන් දෙදෙනා කතා කරන්නේ සිංහල භාෂාවෙන් වීමයි......
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfictionනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...