15... පහලොස්වෙනි දිගහැරුම ..... 🩷💚❤

1.8K 430 323
                                    

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚...........

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆේරිගේ අපුස්සී.........🩷❤💚
.
.
.
.
.

" හිටපං තව ටිකක් වෙලා ශානයා..... එහෙ ඉදලා එන්නත් පැයක් වගේ යනවනේ.........වැස්සෙ පාරෙ ඉන්න  යැයි......මං උඹව පාරට ගිහින් දාන්නම්....."

යූ දුරකථන ඇමතුමක් ලබා දී ෆේරි අසනීපයෙන් බවත් යීබෝ  ඇයවත් රැගෙන වාහනයේ තනිව පැමිණෙන බවත් පැවසූ මොහොතේ පටන් ශාන් සිටින්නේ මුළු හදවතම මුළු සිරුරම මුළු ආත්මයම ගිනි ගන්නා බවක් උසුලාගෙනයි...... ඇඳගෙන සිටි ඇඳුම මාරු කරගන්නට තරම්වත් ඔහුට පණක් කඳක් තිබුණේ නැත....... මේ මොහොතේ ඔහුට අවශ්‍ය වන්නේ ෆේරිව ළඟට රැගෙන පපුවට තුරුලු කරගෙන මේ හදවතේ ගින්න නිවාගන්නටයි...... දියණියගේ අසනීපයෙන් වේදනාව විඳින ඒ මුහුණ දෙස බලා හිත සනසවාගන්නටයි....... ඔවුන් දෙදෙනාම ළඟින් රැඳී වරද  නිවැරදි කරගන්නටයි ........තමන් අතින් මහා විශාල වරදක් සිදුවුණා වැනි හැඟීමක් , ඒ පුංචි දැරියගේ හිත තමන් රිදවා තිබෙන බව දැනෙද්දී ශාන්ගේ ඇස්වලට කදුලු පිරුනේය ...

" තව විනාඩි දහයක් විතර යනකොට ඒ මචං......"

" තාම පැය භාගයක්වත් ගිහිල්ලා නෑ ශාන් ..... මේ වැස්සේ දරුවෙකුත් අල්ලගෙන ඩ්‍රයිවින් කරන කොට කොහොමත් වෙලා යනවා......."

සකුන එසේත් නැතිනම් මේ මොහොතේ ෂාන් නතර වී සිටින බෝඩිමේ හිමිකරු සිදු වී තිබෙන්නේ මොනවාද ඒ කිසිවක් එකින් එක නොදන්නා නමුත් ශාන්  හුඟාක්ම ආදරේ කරන කුඩා දැරියකට අසනීප වී තිබෙන බවත් , එම දැරියගේ මව ජීවතුන් අතර නැති බවත් , එම දැරියගේ පියා දැන් ඇයව රැගෙන නුවරට යන්නට එන බවත් මේ විනාඩි කිහිපය ඇතුළත සිදුවූ සමහර සංවාදයන් අතරින් තේරුම් ගත්තේය ....ඊටත් වඩා ශාන් එම දැරියට පණ ටත් වඩා ආදරය කරන බව නම් මේ හැසිරීමෙන් ඔහු තේරුම් ගෙන අවසන්ය.......

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔ Where stories live. Discover now