🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚..........
🧚🧚 බෝනස් 🧚🧚...........
.
.
.
.
.හියුන් රාත්‍රී හත පමණ වන විට පිටව ගිය අතර යීබෝ සහ කුවාන් ආයතනයෙන් පිටතට එන විට අටට ආසන්න වී තිබුණි ....... මේ වන විටත් පොද වැස්සක් ඇද හැලෙන අතර යීබෝ වාහනයෙන් බැස අද උදෑසන මිස්ටර් හියුන් ලබාදුන් කුඩයක් ඉහලාගෙන නිවසේ දොර අරින්නේත් නැතුව වැට පැන්නේ කවදාවත් නැතිව හියුන්ලාගේ නිවසේ ඉදිරිපස දොර වසා තිබෙන ආකාරය දුටු නිසාවෙනි......
ඉක්මනින් ඉක්මනින් ප්‍රධාන දොරටුව ඉදිරියට ඇවිදගෙන එද්දී නිවසට මඳක් එහායින් තිබෙන ගරාජය අසල වැස්ස සහ අඩ අන්දකාරයා අතරින් ම දුටු යම් දර්ශනයක් නිසා යීබෝගේ දෙපා එතැනම නතරවුනේය ..........
**
ගරාජ් එක ඉදිරියේ ගුලි වී වාඩි වී සිටින ශාන්ව අඩ අන්ධකාරයේ උනත් හඳුනා ගන්නට යීබෝට එතරම් වේලාවක් ගත වූයේ නැත........ඒ පැත්තට අඩිය තියන්නට සූදානම් වෙද්දීම වාහනයේ හඬ ඇසුණු නිසාදෝ හියුන් දොර විවෘත කළේය....." ශාන් එළියේ ...."
දොර විවෘත කළ සැණින් ඔහු හියුන් දෙසට කුතුහලය පිරුණු බැල්මක් හෙලමින් එලෙසින් අසද්දී හියුනුත් බර හුස්මක් පිට කරමින් හිසෙන් ආලින්දයේ සිටින යූව පෙන්වූයේය .......
" ෆේලි බබාවයි සර්ගේ කෑම එකයි දීලා දොර වහන්න හියූ .........සර් ඇතුලට එනවනම් ඇතුලට අරගෙන දොර වහන්න......"..
වෙනදාට ඇසෙන යූගේ ආදරණීය කටහඬ වෙනුවට කෝපය පිරුණු කටහඬක් ඇසෙද්දී යිබෝ ඇස්වලින් ඇයිදැයි ඇසුවේ කුමක් නමුත් සිදුවී තිබෙන බව අවබෝධ වුනු නිසාවෙනි......
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanficනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...