24..... විසි හතරවෙනි දිගහැරුම .....🩷💚❤

1.8K 433 218
                                    

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚...........

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

" මේ පාර උඹලා දෙන්නා සෑහෙන දවසක් තරහ වෙලා හිටියනෙ බං.......දැන් අද නිවාඩු දෙන දවසෙවත් උඹල දෙන්න කතා කරන්නැද්ද......"

" මම කීප වතාවක්ම ඌත් එක්ක කතා කරන්න ට්‍රයි කරා . ඒත් ඌ මාව මගහැරලා යනවා...........ඉතින් මං පස්සෙන් ගිහිල්ලා වැඳ වැටෙන්නද......"

ෂාන් වේදනාව පිරුණු කටහඬකින් එලෙසින් පවසමින් සකුණ අසළින් වාඩි වුණේය...... හෙටින් පසු එක දිගට සති තුනක නිවාඩුවක්......ඉතින් අද බොහෝ දෙනා එකිනෙකා සමග ලෙන්ගතුව කතාබහ කරමින් සිටියත් මහිම ශාන්ගේ  මූණවත් බලන්නේ නැත......මේ අප්‍රේල් 10 වෙනිදා සිකුරාදා දිනයයි......

" අවුරුදු තුනහමාරක් උඹල අපි එකට මේකේ හිටියනෙ මචං......මට නිකමට හිතෙන දේමද උඹල දෙන්නගෙ මේ රණ්ඩුවට හේතුව....."

නෙතුලි සහ පමුදි සමග සිනාසෙමින් ඈත සිටින මහිම දෙස ටික වේලාවක් බලාගෙන සිටි සකුණ ශාන්ගෙන් එලෙසින් අසද්දී ශාන් බර හුස්මක් පිට කළේය.....

" මහිම වගේම උඹත් එදා ඉදල මගේ යාළුවා සකුණ....... උඹ හිතන දේ මොකද්ද කියලා මට කියපන්කො......මම එතකොට ඇත්තම කියන්නම්....."

දෙවරක් හිතන්නේ නැතුව ෂාන් එලෙසින් පවසන්නේ ඉතින් මහිම තරම්ම සකුණත් හුඟාක්ම සමීප සහ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් ඇති මිතුරෙකු නිසාවෙනි......

" එදා අර මහ රෑ පොඩි බබෙකුට අසනීප වෙලා උඹ පාරට වෙලා හිටියේ...... මට නිකමට හිතෙනවා ඒ බබාගේ අප්පච්චිත් එක්ක උඹගේ මොකක් හරි  .......මං කියන්නේ මට මේ හිතෙන දේ.......සමහරවිට ඒකට මහිමයා කැමති නෑ වගේ එකක්.... අනික උඹ පමුදිව රිජෙක්ට්  කරා කියන එක දැන් නොදන්න කෙනෙක් නෑ....."

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔ Where stories live. Discover now