🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚......
.
.
.
.
.තවත් විනාඩි දහයකට පමණ පසු ඉතින් පොඩි ඉටි බෑගයකට දමා ගත් කෑම දෙකකුත් සමග ශාන් ආලින්දයට ආවේය ....
යීබෝ සහ ශාන් යීබෝගේ මිදුලට ආවේ වාහනයට නගින්නට වුණත් එක්වරම ගේට්ටුව අසල කුවන්ගේ වාහනය නතර කල අතර කුවාන්ට අමතරව ඉන් බැසගත් රූපය දුටු ශාන්ගේ මුහුණ නම් අදුරුවී ගියේය ........
**
" ඔහ්.......මිස්ටර් කුවාන් ......උදෙන්ම.......'
මුහුණ අමුතු කරගෙන සිටින ශාන් දෙසත් වරක් බැලූ යීබෝ විවෘත වී තිබෙන ගේට්ටුවෙන් ඇතුලට පැමිණෙන දෙදෙනා දෙසටම ලෙන්ගතු සිනහවක් තිළිණ කරමින් එලෙසින් කියද්දී ඔවුන් දෙදෙනාගේම දෙනෙක් යොමු වී තිබෙන්නේ යීබෝ අසලම ඉටිභාගයකුත් අතේ එල්ලාගෙන සිටින තරුණයා වෙතටයි......
" good morning සර්........ ඊයෙ රෑ මිස්ටර් හියුන් කිව්වනේ ෆේරි බබාට සනීප නෑ කියලා අපි හිතන්නේ වැඩ පටන් ගන්න කලින් පොඩ්ඩක් බලල යන්න ආවා......"
දයිලූ වචනයක්වත් කතා කරන්නේ නැතිවෙද්දි කුවාන් ලෙන්ගතු සිනහවක් සමග එලෙසින් පැවසූ අතර ඔහු ශාන් අසලට ගියේය ....
" උදේ පාන්දර කොහෙද යන්න හදන්නේ?......"
කුවාන් ෂාන් අසලට ගොස් අසද්දී යීබෝත් කුවාන් සමඟ පැමිණි දයිලූ දෙසටත් බැල්මක් හෙලා ශාන් සහ කුවාන් දෙසට හැරුනේය....
",කොලේජ් එකට යන්න කියලා කුවාන් ගගා....."
" ඊයෙ රෑ කොලේජ් එක ළඟ බෝඩිමක නතර වෙලා හිටපු ශාන්ව මම බබාට බෙහෙත් අරගන්න එක්කගෙන ගියානේ.....දැන් මේ මම එයාව කොලේජ් එකට ගිහින් දාන්න හදන්නේ......"
යීබෝ ශාන්ගේ කතාවට අඩු වැඩිය එකතු කරද්දී දයිලු මේ සියල්ල දෙස නිහඬව බලාගෙන සිටින්නේ අත් දෙකත් පපුවට බැඳගෙනයි.....පෙර දින රාත්රියේ දියණියට අසනීප වූ බව දයිලු දැනගනිද්දී යීබෝ ඇය බෙහෙත් ගෙනැවිත් අවසන්ව තිබුණි.....දැනගත් සැනින් ඇය යීබෝට දුරකථන ඇමතුමක් අරගත් අතර ඒ වන විටත් ඔහු නිවසට ඇවිත් සිටින බව පැවසූ නිසා ඉතින් ඇය නිහඩවිය ...
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfictionනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...