🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚..........
එයාගෙ ලස්සන...... perfect කියන වචනයට හොදම උදාහරණය .......❤❤
.
.**
ඔන්න පැයක් පරක්කුයි......."දෙකට ආරම්භ කරන්නට සිටි සිංහල පන්තිය සවස තුන වන විට ආරම්භ කරන්නට සිදු වූයේ ෆේරි නිදාගන්නට පරක්කු වූ නිසාත් සියලුම දෙනා දිවා ආහාර ගන්නට පරක්කු වූ නිසාවෙනි......
කාර් එක සෝදා අවසන් වන විට ෆේරිව සෝදවන්නට යීබෝට අඩ හෝරාවක් පමණ ගත වුණේ ශාන්ටත් වඩා වාහනයේ වැඩ රාජකාරි ෆේරි අතින් සිදුවී තිබුනු නිසාවෙනි .....මුලු ඇගේම මජ්ං නාගෙන , මඩ නාගෙන ඩස්පියෙක් මෙන් සිටි ෆේරිව යීබෝ එක් අතකින් ඔසවාගෙන ආවේ හියුන් අත්දෙකත් පපුවට බැදගෙන සිනාසෙමින් බලාගෙන සිටින අතරයි. ......
දිවා ආහාර ගෙන අවසන් වූ පසුව සුපුරුදු පරිදි ෆේරි නින්දකට සූදානම් වෙද්දී යු ඇයව ඔවුන්ගේ කාමරයට රැගෙන ගිය අතර ශාන් පොත් ටිකත් රැගෙන ඔහුගේ ගෝලයා සොයාගෙන ආවේය......
" හරි ඉතින් හවස පහ වෙනකල් කරන්න පුළුවන්නේ...."
ශාන් එදා පන්තිය කරන වෙලාවේ වාඩිවූ තැනින්ම වාඩිවෙන ගමන් කියද්දී යීබෝත් පෙර දින රාත්‍රියේ මෙන්ම අනෙක් පුටුව ඔහු අසලටම රැගෙන වාඩි වුණේය....... දැන් ඉතින් මේ දෙදෙනා ගෙවා දමන්නට සූදානම් වන්නේ මේ සතියේ කැමතිම පැය හතරෙන් දෙකක් යැයි කීවොත් නිවැරදිය .....
පන්තිය ආරම්භ කරන්නට පෙර තමන් ළඟින්ම වාඩිවී සිටින පුද්ගලයාගේ හරි අපූරු පිරිමි සුවඳ ශාන් පපුව පුරවා විඳගත්තේය......
" ඊයේ ලියපු වචන ටික මතකෙන් කියන්න ඕනේ......"
යීබෝ පොත පෙරලන්නට සූදානම් වෙද්දී පොත තමන් දෙසට ඇදගත් ශාන් එලෙසින් කියද්දී යීබෝ පුදුමාකාර අහිංසක මුහුණක් මවා ගත්තේය.....
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfictionනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...