🩷💚❤ බෝනස් 🩷💚❤
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚..........
මට මේ හිනාවෙන් මිදෙන්න ක්රමයක් කියලා දෙන්න කවුරු හරි.......
.
.
.
.
." හෙලෝ ලීසා......."
මුහුණට නගා ගත් හරි ආදරණීය හිනාවක් සමගින් ඔහු එලෙසින් ආමන්ත්රණය කරද්දී මීට තත්පර කිහිපයකට පෙර ඔහු කල්පනා කල දේවලුත් සමග යලිත් ශාන්ගේ හදවතට මහ පුදුමාකාර වේදනාවක් දැනුණේය........
" නෑ නෑ කියන්න මම ඔයාගෙන් කෝල් එකක් එනකල් තමා බලාගෙන හිටියේ......."
මේ වන විට වෙලාව කොහොමත් රාත්රී දහයට ආසන්න වී තිබුණු නිසාත් හිතට දැනෙන වේදනාවේ අවසානයක් නැති නිසා ශාන් මේසය මත තිබෙන ඔහු රැගෙන ආ පොත්පත් සියල්ල එකතුකර ඒවා අතට රැගෙන නැගිටින්නට හැදුවත්..............
**
එක්වරම යීබෝ ශාන්ගේ අතකින් අල්ලාගත්තේය ....... ඉතින් ශාන්ගේ පපුව එක්වරම නතරවෙන්නට ගියේ හිතාගන්නට නොහැකි මොහොතක සිදුවූ ඒ සිදුවීම නිසාවෙනි......
" ඔව් ලීසා මට දවස අමතක නෑ.......මම කොහොමත් හෙට ඔයාට කතාකරන්න හිටියේ......."
යීබෝ ඇස්වලින් වාඩිවෙන්න යැයි පවසමින් අල්ලාගෙන සිටින ශාන්ගේ අතකින් අදිමින් කීවත් ශාන් ඇස්දෙකත් සිහින් කර යන්නම් යැයි කීවේය ......
" තවම පාඩම ඉවර නෑ සර්.......වාඩිවෙන්න......"
දුරකථනය මදක් ඈතට කර යීබෝ බලෙන්ම ශාන්ව ඔහු අසලින් වාඩි කරගන්නා ගමන් එලෙසින් පවසා යළිත් ඇමතුම සමග සම්බන්ධ වුණේය.......
" අප්රේල් 8 වෙනිදා මට කොහොමද අමතක වෙන්නේ ...... කරන්න ඕනේ මොනවද කියලා කල්පනා කරලා බලලා මම හෙට ලීසට කෝල් එකක් දෙන්නම්..... ඩැඩීගෙ හොඳම යාලුවා විදිහට ඔයාට තමයි ඉතින් වැඩිම බර වැටෙන්නේ.....මේ වෙලාවේ මට දුවගෙන එන්න විදිහකුත් නෑනේ.... ඒත් අපි ගිය අවුරුද්දේ කරා වගේම ලස්සනට මොකක් හරි කරමු.....මම මේ වෙලාවේ ශ්රී ලංකන් language එක ඉගෙන ගන්නවා............. ඔව්.........සර් කෙනෙක් තමයි උගන්නන්නෙ......හරි එහෙනම් මම හෙට ඔයාට ගන්නම්........"
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanficනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...