10...දසවෙනි දිගහැරුම .....🩷💚❤

1.9K 420 409
                                    

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚............

නටුවෙන් ගිලිහුනු පින්න මලක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නටුවෙන් ගිලිහුනු පින්න මලක්......❤❤❤

.
.
.
.

යීබෝ  එලෙසින් කියමින් ශාන්ට සමාන්තරව ඇවිදින්නට පටන්ගත්තේය ..... දරාගන්නට නොහැකි වුනත්, පිළිගන්නට අකමැති වුණත් මේ මොහොතේ දැනෙන සතුට ශාන් හුස්මක් සමගින් බැහැර කළේය...... එකට සමාන්තරව ලඟින් ලඟින් ඇවිද යන විට දැන් ශාන් හට අවශ්‍ය වී තිබෙන්නේ ඔහු අසල සිටින පුද්ගලයාගේ මුහුණ දෙස බලන්නට වුනත් බැරි බවක් හිතට දැනෙන්නේය......

" ශාන්............"

මල් මිලදී ගන්නා කුඩා කඩය අසලට තව අඩි කිහිපයක් ඉතුරු වෙද්දීම හුරු පුරුදු කාන්තා කටහඬක් සමඟ ශාන්  මෙන්ම යීබෝත් නතරවුනේය ..... ඉතින් හිස හරවා බලද්දී දුටුවේ.................

**

" ආ.......පමූ........"

පමුදි සහ තවත් කැම්පස් එකේ ගැහැණු ළමයින් තුන් හතර දෙනෙකි.....පමුදිගේ දෙනෙත් කෙලින්ම එල්ල වී තිබෙන්නේ එකම විදිහට ඇඳගෙන සිටින ශාන් සහ ඔහු අසල හිටගෙන සිටින චීන ජාතික තරුණයා වෙතටත් ශාන්ගේ  ගෙල බදාගෙන  මුහුණට මුහුණ හේත්තු කරගෙන සිටින හුරුබුහුටි කුඩා දැරිය වෙතටත්ය........

ගෙවී ගිය වසර තුනක හතරක කාලය පුරාවට ඇය ශාන් හට බොහෝ සේ ළංවී සිටින අතර ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙකුට  මුලින්ම ආදරය ප්‍රකාශ කරනවා යන ප්‍රතිපත්තියට ඇය තදින්ම විරුද්ධ නිසා මේ වසර අවසාන වන්නට පෙර කොයිම මොහොතක හෝ ශාන් ඇයට ආදරය ප්‍රකාශ කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටින තරුණියකි..... අනෙක් තරුණියන්ට වඩා ඔහු පමුදිට හිතවත් වීම එලෙසින් හිතන්නට හේතුවක් වන්නට ඇත......ඇත්තෙන්ම ඉතින් මේ මොහොතේ මේ දසුන ඇගේ හදවතට නම් වේදනාවක් ගෙන දෙන්නට සමත් වී තිබුනි .....

🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔ Where stories live. Discover now