🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚..........
Manakalie හුග දවසකින් ලස්සන තෑග්ගක් හම්බවුනානේ....... ඉතින් මේක හරිම ලස්සනයි අනේ ........🩷💚❤
.
.
.
.අලුත්ම දිනයකට අරුණළු උදාවී තිබුණි ....යීබෝ ඉදිරිපස දොර විවෘත කරගෙන මිදුලට බසිද්දී හිමිදිරි උදෑසන නොවන නිසාවෙන්ම හැමදාමත් ඈතින් පෙනෙන කඳු පන්තිවල මීදුම මේ වන විට බොහෝ දුරට පහව ගොසින් තිබුණි......වැඩට යන දිනවලදී නම් උදෑසන දොර විවෘත කරද්දී හැමදාමත් මේ කඳු පන්තියෙන් අඩකටත් වඩා මීදුම ආක්‍රමණය කරගෙන සිටින ආකාරය දැක ගන්නට හැකිවන්නේය.....
මීදුම පහව යෑමත් සමගම ඈතින් පෙනෙන තේ යායවල් හරි අපූරුවට දර්ශනය වන්නේය......කොහොමත් තරමක් උස් බිමක පිහිටා තිබෙන මේ නිවාස දෙකේ මිදුලට පුස්සැල්ලාවේ බොරලන්ද ගම්මානය වටපිටාව තරමක් දර්ශනය වන්නේය.........බොහෝ ඈතට විහිදී යන දර්ශනයක් ලබාගන්නට නොහැකි වන්නේ තැන් තැන්වල පිහිටා තිබෙන කඳු පන්ති නිසාවෙනි......
ගෙවෙන්නේ අප්‍රේල් මාසය නිසා ඉතින් එතරම් වර්ෂාවක් නැත......ගෙවී ගිය දින කිහිපයේම රාත්‍රී කාලයේදී පවා වර්ෂාවක් නොලැබුණු අතර දහවල් කාලයේ තරමක ඌෂ්ණත්වයක් පවතින අතර රාත්‍රිය වන විට නම් ඉතින් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන නිවස තුළවත් ඉන්නට බැරි තරමේ සීතලක් ඇති වන්නේය.....
හිතේ සතුට තියනකොට හැමදේම ලස්සනයි කියනවනේ.....මටත් ඉතින් මේ පැත්ත ලස්සනට පේන්න පටන් ගන්නේ මෑතකදී ඉඳල......ඇත්තටම ආපු මුල් දවස්වල මට එහෙම ලොකු හැඟීමක් තිබුණේ නෑ......ඒත් දැන් නම් බොරලන්ද කියන්නේ මේ ලෝකෙ තියෙන ලස්සනම ගම කියලා හිතෙනවා....... ඒකට හේතුව ඉතින් මේ ලෝකෙ මම දකින්න කැමතිම කෙනා මේ ගමේ ඉන්න හින්ද වෙන්න ඇති......ඒ ගේ පැත්තම පාලුයි ..උදේ පාන්දරම සමාජ සේවය කරන්න ගිහිල්ලනේ.....
YOU ARE READING
🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
Fanfikceනන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ...