කාමරේ උලුවස්ස ලග එක අතකින් දොර රෙද්දත් කොනට කරල අල්ලගෙන මගේ දිහා තරහෙන්ද දුකින්ද කලකිරීමෙන්ද කියල කියාගන්න නොතේරෙන අමුතුම විදිහෙ බැල්මකින් බලාගෙන හිටියෙ පිරිමි කෙනෙක්....
උලුවස්සටත් වඩා උස නිසාද කොහෙද නැමිල වගේ හිටියෙ
පලවෙනි වතාවට පලවෙනි බැල්මෙන්ම මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුරුදු උන මගේ හිත ඒ මූන ලග ගොලු වෙලා තිබුනා....තත්පර ගානක් යන්නැති මං ගල්වෙලා වගේ බලන් ඉද්දිම මගේ ඇස් දිහාම බලන් හිටපු එයා මගේ බැන්ඩේජ් කරපු අතයි කකුලයි දිහා බැලුවෙ බය වෙලා වගේ..... පස්සෙ මගේ අතේ තිබුන පෝන් එක දිහාවට ඇස් අරන් ගිහින් ආයෙත් මගේ ඇස් දිහා බලලා පිටිපස්සත් උරහිසට උඩින් හැරිල බලල දොර රෙද්දත් අතෑරලා යන්න ගියා ඒත් එක්කම මාත් දොර ලගට යද්දිම ...
"අහ් "
"ආ ඇයි සුදු අයියෙ යකෙක් දැකල වගේ අර අපේ අයියත් කඩා බිදගෙන දිව්වනෙ"
"ඒ ඔ...යාගෙ අයිය ද?"
"ඈ... ඇයි ඔයාට මත්.... මේ ඔව් ඔව් අයිය තමයි මේ ඔය දැන් තමයි ආවෙ කොලඹ ඉදන් "
"ආහ් කොලඹ ඉදන් .."
"ඔව් මේ එයාට එහේ දැන් ඉන්න බෑලුනෙ ... "
"එහෙම ද"
එකපාරටම කාමරේට ආවෙ විනුදි .. එතකොට අර කලින් හිටියෙ එයාගෙ අයියලු...අනේ මං ද මට වඩා බාලයි කිව්වට මූ දසමහ යෝධයෙක් වගේ... තද කලු පාට ඇස් බැමි දෙක නැත්තන් අහිංසක පාටක්වත් තියෙන්න තිබුනා..
හැබැයි එයා විනුදිට වඩා නම් හුගක් වෙනස් වගේ ම්හ්ම් මට මොකද ....විස්තර නම් දැනගන්න තිබුනා කටර් එක වගේනෙ මේ කෙල්ල... ඒත් මොකටද ඉතිං ...
පස්සෙ විනුදි ඇවිත් මගේ කාමරේ ඇදෙන් වාඩි උනා මාත් පුටුවක් ඇදන් වාඩි වෙලා ඇදුම් ටික කබඩ් එකට දාන්න බෑග් එක ඇද්ද ... හරි මහන්සි තුවාලත් රිදෙනවා අතයි කකුලකුයි මමියක් වගේ ඔතලා ... අතපය හෝදද්දි චුට්ටක් තෙමුනා.. මෙලී හිටියනම් කුණු බැනුම් අහන්න තිබුනා....
"සුදු අයියෙ අතයි කකුලයි ගොඩක් අමාරුයුද හලෝ"
විනුදි දුකින් වගේ අහද්දි මං ඔලුව උස්සල කෙල්ල දිහා බැලුවා ඒකි බලන් ඉන්නෙ මගේ බැන්ඩේජ් කරපු කකුල දිහා...
YOU ARE READING
No more | Ongoing
Non-Fiction"ඇයි දෙයියනේ සැරයක් කිව්වම තේරෙන්නෙ නැත්තෙ මම දන්නෙ නැහැ මට බැහැ ආදරේ කරන්න ඇයි බොරුවට රිද්දගන්න හදන්නෙ" "ආදරේ නොකලට කමක් නැහැ මාව විශ්වාස කරල එකම එක අවස්තාවක් දෙන්න මට පුලුවන් එතකන් අපි දෙන්නටම ඇතිවෙන්න ආදරේ කරන්න " 🌼🖤