33

1K 188 70
                                    

කොහොමහරි කාලේ ගෙවිලා ගිහින්  යුනිවර්සිටි එකේ ළමයින්ට ස්ටඩී ලීව් ලැබුණ නිසා ධමීරටත් හිතපු නැති විදිහට ෆ්‍රී දවස් ටිකක් ලැබිලයි තිබුණා . හැබැයි ස්වේන්ගේ පැත්තෙන් ගත්තාම නම් එයාට සුපුරුදු විදිහටම ඒ දවස් වල ස්කූල් යන්න සිද්ධ වුණා . ඒක එහෙම වුණත් කාලෙකට පස්සේ ධමීරට ලැබුණ ඒ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතපු එයා රඛිත් එක්කත් එකතු වෙලා එයාලගේ වීකෙන්ඩ් එක ගත කරන්නේ කොහොමද කියන එක ගැන ප්ලෑන් කළා

කොහොමවුණත් ඒ ප්ලෑන්ස් ගැන කිව්වොත් කට්ටියම යන්න ආසාවෙන් හිටියත් හැමදාම පරක්කු කර කර හිටපු ගමනක් ඒ සතියේ වීකෙන්ඩ් එකේ යන්න තමයි එයාලා බලාපොරොත්තු වෙලා හිටියේ , ඉතින් එයාලගේ ඒ ප්ලෑන්ස් වල destination එක වෙලා තිබුණේ විලතැන්න ගමේ හරි මැදට වෙන්නම තියෙන දිය ඇල්ලට අමතරව එහේ තිබුණ තැන්නගල කියන කන්ද !

ඒ ඒරියා එක නාගහවටුනේ තියෙන තවත් එක ලස්සනම තැනක් වගේම සුපිරිම කෑම්පින්' සයිට් එකක් වුණ නිසාම ඒ යන්න හදන ගමන ගැන අහපු දවස් වලම නම් ස්වේන් ඒ ගැන ගොඩක් එක්සයිට් වුණා , ඒත් දැන් නම් ස්වේන්ගෙන් ඒ ගැන කිසිම උනන්දුවක් පේන්න තිබුණේ නෑ

ඒ මොකද කියලා කිව්වොත් පහුගිය දවසක ආර්ටිකල්ස් බර ගානකුයි e-books වගේකුයි කියවලා ඉවරයක් කරලා දාපු ස්වේන් එදයින් පස්සේ හැසිරෙන්නේ ගත්තේ හරිම අමුතු විදිහකට . හරියටම කිව්වොත් එයා හැසිරුණේම වටපිටේ සිද්ධ වෙන කිසිම දෙයක් එයාට ගානක් නොවිච්ච ගානට

ඒ දේවල් කොහොම වුණත් සිකුරාදා දවසක් වෙච්ච එදා දවසේ උදේම යුනිවර්සිටි එකට ගිය ධමීර ෆයිනල් එක්සෑම් එකට අදාල දේවල් ටිකකුත් ෆයිනලයිස් කරලා ආපහු වලව්වට එද්දි ටිකක් හවස් වෙලයි තිබුණේ . හැබැයි එදා වලව්වට ආපු ගමන්ම ලන්ච් ගන්නවත් නොගිය ධමීර මුලින්ම කළේ වොශ් එකක් දාගත්ත එක , මොකද එයාටයි ස්වේන්ටයි හවස් වෙලා යන්න වෙනමම ගමනක් තිබුණා . ඒ තමයි හෙට එයාලා යන්න ඉන්න ගමනට ඕන කරන කෑම්පින්' ටූල්ස් , චාකෝල් වගේ බඩු ටිකක් ගන්න එක .

ඇත්තම කිව්වොත් ස්වේන්ව සප්‍රයිස් කරන්න ඕනේ නිසාම ධමීර මේ ගමන රඛිත් එක්ක එකතු වෙලා ටිකක් රහසින් වගේ තමයි ප්ලෑන් කරලා තිබුණේ . ඒත් ඉතින් කලින් දවසක ඒ සීන් මුකුත්ම දන්නැති රඛිත් ඒ ගැන ස්වේන්ට කියලා තිබුණා , ඉතින් ඒ නිසාම ඒක තවදුරටත් ස්වේන්ගෙන් රහසක් වුණේ නෑ . ඔය ගමන ගැන දැනගත්ත ගමන් නම් ස්වේන් ඒ ගැන ගොඩක් එක්සයිට් වෙලා හිටියත් දැන් ඒ තත්වේ ටිකක් වෙනස් වෙලා තිබුණා .

SR || Ongoing Where stories live. Discover now