21🔥

26 4 6
                                    

"චූටී...කෝ අවදිවෙන්නකෝ.දවසම නිදාගත්තනේ... මොනවහරි කාලා ඇවිත් නිදාගමු..."

ආදී හිටියේ මහීව අවදි කරන ගමන් නෙතුමුත් ඔය පැත්තක තිබ්බ සෝෆා එක උඩ ඉදන් බලන් ඉන්නවා.

"ප්..පොඩී"

මහී කීවේ නිදිමරගාතේ ඇස් අරින්න ට්‍රයි කරන ගමන්...

"ම්ම්...අවදිවෙන්නකෝ දැන්"

බොහොම අමාරුවෙන් ඇස් දෙකත් ඇරගෙන වාඩිවුන මහීට මූන පොඩ්ඩක් හෝදන් එන්න කියන ගමන් ආදි බැලුවෙ නෙතුම් දිහා...

"මොනාද දැන් උබ අහන්න ඕන කීවේ..!?"

"හරි මට විස්තරේ මුල ඉදන්ම කියන්න.ඒ කියන්නේ මීට අවුරුදු පහකට උඩ ඉදන්ම"

"ඒක ලොකු කතාවක් හැබැයි"

"කමක් නෑ කියන්න.මට දැන් ඕක දැනගන්නකන් නින්ද යන් නෑ."

"එහෙනම් ඇහැරන් හිටපන්😂💔"

"අනේ මේ"

"යකෝ කොච්චි කරල වගේනේ"

"කොච්චි"

"මොකෝ"

"නෑ නෑ නිකම්"

"ම්ම්.."



වසර පහකට පෙර..............................🏍️💨


"ආන්න එනවා...පුරුස ශක්තිය අරන් අදවත් අහපන් මයෙ අම්මා..."

මහී,ශෙහාන්,ආදි කොල්ලො තුන්දෙනා ඉදියේ.දැන් මේ මාස ගානක් තිස්සේ මදුරුවෝ කකා සිද්දාර්ත එනකන් මග රැකපු පොට් එකේ

සිද්දාර්ත එහෙම නැත්තන් සිද්දු කියන්නේ අබිශේක් ආදිත්‍යගේ හිතගත්තු සුරංගනා කුමාරයා මම නෙවේ කියන්නේ ආදි තමා කියන්නේ

මාස ගානක් තිස්සේ පස්සෙන් ගිහින් ගිහින් මුන් මේ ටෝක් කරන්නේ අයියා බබෙක්ට.කෙලින්ම අයියා කියනවට වඩා අයියා බබා කියනෙක තමා ගැලපෙන්නේ.මොකෝ ආදිට අනුව ඌ ටොපෙක් ලු ඉතින් ඉතුරු එකා කොහොමත් බොටම්නේ

අනේ මේ මොකුත් නොදන්න අහිංසකයා සිද්දු හිටියේ හවස දුර්ගා කෝවිලට ගිහින් ගෙදර එන ගමන්.තාත්තා නොහිටිය ගෙදර අම්මා තාත්තා දෙකම උනේ සිද්දුගෙ අම්මා..සිද්දු කියන්නෙ ගෙදර එකම දරුවා...සිද්දුගෙ අම්මට හිටිය එකම මැනික සිද්දු.

𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎Where stories live. Discover now