"ඔහ්....ඔයා අවදිවුනාද"
"වතුර"
නෙතුම් හිටියෙ මහීගේ රූම් එකේ මහීට එහා පැත්තෙ ඉදගෙන කල්පනා කර කර .දුර්ගා ගිහිනුත් දැන් සෑහෙන වෙලාවකුත් වෙනවා.ශෙහානුත් ගියා හදිසියේ තාත්තා එක්ක උන්ගෙ අම්මා දූන්න මීටර් දෙකක් විතර දිග බඩු ලිස්ට් එක අරන් එන්න කියලා .කොහොමත් කොල්ලට විස්තරේ ඉතුරු ටික දැනගන්න ආදි එනකන් ඉන්නම වෙනවා.වෙන වැඩකුත් නැති එකෙස් මහීගේ රූම් එකේ ඇද ඉස්සරහා ගහලා තිබ්බ මහීගෙම පොටෝ එක දිහා බලාගෙන මනෝ පාරක් ගහගෙන හිටියා .මේ දවස්වල හෙන කම්මැලී.පාලුයි මොකද්ද තේරෙන් නැති මහ එපාම කරපු ෆීලින් ටිකක් දැනෙන්නේ.කොල්ලට මතක් වෙනවා ඉතින් මහී සුදු නෝනා සුදු නෝන කිය කිය නෙතුම්ව ලංකාවෙදි බලාගත්ත් විදිය එහෙම...ඔය අමතරව අර වැස්ස දවසෙ හදිස්සියේ ලැබිච්ච කිස් එක එහෙමත්.ඕන් එතකොට නම් නෙතුම්ගෙ කම්බුල් රත ගැහෙනවා.හිනාවක් තියාගෙනම ඔලුව දෙපැත්තට ගසපු නෙතුම් ආයෙම කල්පනාවක් අතරමන් වෙනවා.ඔය අතරෙ තමා මහී අවදි උනේ....ඔලුවට යකඩෙකින් ගහලා වගේ දැනෙන වේදනාවත් එක්ක කොල්ලට කෙදිරිගෑවුනා.... ඒ එක්කම වගේ ඇස් ඉස්සරහ මැවෙන බොද උන චායා රූපා අදුරගන්න මොලේ වෙහෙසෙනකොට කොල්ලට තවත් අමාරුයි.......ටිකක් වෙලා ඉදලා නෙතුම්ට කතා කරන්න හැදුවත් දවසින් බාගයක් නිදාගෙන ඉදලමද කොහෙද කොල්ලගෙ උගුර කට වේලිලා ගිහින් .දැන් වෙලාව රෑ අටට ව්තර ඇති.දුර්ගගෙ බලේටම හවස ගෙදර යනවා කියලා තිබ්බ අදහස නෙතුම්ට අතෑරගන්න උනා.මොකද මේවා පුරුදු නැති ගෙවල් ඈ.කොහොමත් නෙතුම්ටත් වඩා ආර්ති ගෙදරට වඩා හිටියෙ මෙහෙ.ඉතින් අක්කා මොකෝ මල්ලි මොකො...මහීගෙම සූට් එකකුත් අරන් බාතෲම් එකට පැනගත්ත කොල්ලා ඇති වෙනකන් නාගෙන කරාන් ඇදුම් අදින්න බලනකොට තමා වැඩේ.කලිසම නම් බෙල්ට් එකක් දාලා හරි ඇදගත්තැහැකි ඒත් මේ ටී ශර්ට් එක ගවුමක් ඇදලා වහේ.කලිසමක් ඇදලා කියලා පේන්නෙවත් නෑ...ආයම මහීගේ වෝඩ්‍රොබ් එකෙන් ටිකක් පොඩියට තිබ්බ එකක් හෙව්වත් තිබ්බෙ ආර්ම් කට් එකක් විතරයී.ඕන මගුලක් කියලා ඒකත් ඇදගෙන එලියට එනකොට දුර්ගා ආයම ඇවිත් කියලා ගියා ඩිනර් එකට ගයත්‍රී වික්‍රමුයි නෑ කියලා.ඒකටත් ඔලුව වනාගෙන මහීගෙ ඇදට පැනලා පැය බාගයක් විතරම ටික් ටොක් එකේ උඩට පල්ලට ගියත් ඒකෙත් ඇති එකක් නෑ.ෆෝන් එකත් පැත්තකට විසික් කරලා කම් මැලිකමේ වටපිට බලනකොට තමා දැක්කේ බෙඩ් එක කෙලින්ම තියෙන මහීගෙම ෆේම් කරපු ලොකු ෆොටෝ එක.
YOU ARE READING
𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎
Non-Fictionඔබ පෙරදා ආදරේන්... මා ලගින් උන් හැටී... එහි සැමරුම් රූ තමයි ජීවිතේ... මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා..🪻❤️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮