"ගයත්‍රී..ගයත්‍රී.."
"ඇයි වික්‍රම් මොකද කෑ ගහන්නේ..."
"ලොකු විනාසයක් වෙන්න ලගයි ගයත්‍රි"
"ඒ පාර මොකද උනේ"
"සින්දූර් ප්‍රයිවට් ලිමිටඩ් සින්දු කියලා කෙනෙක්ගෙ නමට අපේ කම්පැනි එකේ ශෙයාර්ස් 49ක් ම ගිහින්"
"මොකක්...කවුද ඒ...මට මතක නෑ එහෙම කෙනෙක් කම්පැනි එකේ හිටියා කියලවත්"
"එකපාරට උඩින් කඩා පාත් උන කෙනෙක්ට මෙච්චර ශෙයාර්ස් ඒක කොහොමද වෙන්නේ ගයත්‍රී"
"මටත් හිතාගන්න බෑ...අපිට කොහෙ හරි වැරදුනා වික්‍රම්.ඒ තැන අපිට ඉක්මනටම හොයාගන්න වෙනවා"
"ගයත්‍රී කවුද මේ සිද්දු කියන්නේ...බැරිවෙලාවත් ඒ අපි අතින් මැරුනු සිද්දා-"
"කට කට වික්‍රම්...බිත්ති වලටත් කන් තියෙනවා.තමුසෙට ඔල්මාදෙද මේ ගේ ඇතුලේ ඕවා කතා කරන්න.සීක්‍රට් රූම් එකට යමු..."
සලාං...ක්දෑව්ම්....
"මොකද්ද ඒ සද්දේ..."
"ඉක්මනට යමු..."
නෙතුම් හිටියේ මහීගේ රූම් එකට යන ගමන් .ඒත් ගයත්‍රි දේවිගෙයි වික්‍රම් ගෙයි උස් හඩින් ඇහුනු සංවාදය බලන්න ටිකකට නතරවුනු නෙතුම් දැක්කේ දොරට කන තියාගෙන ඒ සංවාදේ ට කන් දෙන මහීව.මහීව දැකපු ගමන් මහීට කතාකරන්න ගිය නෙතූගේ කට අත් දෙකෙන්ම වහගෙන දෙන්නත් එක්කම එතන තිබ්බ කර්ට්න් එක පිටිපස්සේ හැන්ගෙනකොට එතන තිබ්බ ලොකු පෝසිලේන් මල් පෝච්චිය බිමට වැටිලා කුඩු වෙලා ගියා.කර්ට්න් එක අස්සේ ඉදන්ම ගයත්‍රී යි වික්‍රමුයි පහලට බහින විදිහ බලන් හිටිය මහී නෙතුම්ව අත ඇරියා
"මහී අයියේ ...මතකේ ආවද"
"ම්ම්...නෑ"
"එහෙනම්..."
"මේක රහසක් ...උබයි මායි විතරයි දන්නේ කාටවත් කියන්න බෑ අඩුම මහීටවත්"
"මහීටවත්..!? එතකොට ඔයා ආදී අයියා...දෙයියනේ අදුරගන්නවත් බෑ"
"ම්ම්...."
ආදි හිනාවුනේ කටකොනින්.
"සිරාවට අයියේ...අදුරගන්නවත් බෑ.මන් හිතුවෙම මහී අයියා කියලා"
YOU ARE READING
𝙏𝙃𝙀 𝙁𝘼𝙐𝙇𝙏 𝙞𝙉 𝙊𝙐𝙍 𝙎𝙏𝘼𝙍𝙎
Non-Fictionඔබ පෙරදා ආදරේන්... මා ලගින් උන් හැටී... එහි සැමරුම් රූ තමයි ජීවිතේ... මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා..🪻❤️ ₜₕₑ fₐᵤₗₜ ᵢₙ ₒᵤᵣ ₛₜₐᵣₛ💫 b x b 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮