"නෙතූ උඹට මොන යකෙක් වැහිලද!?? ඇයි අඩුම තරමෙ මටවත් කීවෙ නැත්තෙ??"
"මට ඕනි හින්දා"
"උඹ හින්දා-"
"මට පාඩුවේ ඉන්න දියන්,ප්ලීස්"
"පුහ්! ඇයි දැන් මං තොට මොනවා හරි කරන්න ආවා වගේද පේන්නෙ? නිදියන් හිටියට උණ අඩු වෙන්නෑ.නැගිටපන් බෙහෙත් ගන්න යන්න!"
"මටෝන්නෑ!"
"නැගිටපාන්න්න්..!"
"එකසැරයක් කීවනෙ! මට ඉන්න දීලා පලයන්!"
"හැබැයි දැන් උඹ නැගිට්ටෙ නැත්තම් මං තෝව උස්සගෙන හරි යනවා දැනගනින්!"
නිමේක්ෂ අයියා ඇතුළට යද්දි කවදාවත් නැතුව නිම්නයා මේ මහ දවාලෙ නිදියන් හිටියෙ වෙන හේතුවකට නෙවෙයි.උටත් කොහෙද යන උණක් හැදිලා.හැබැයි ඒකට යටගිය හේතු ගොඩක් තිබ්බා.ඒවා දැනගන්න කලින් බයෝ කරලා ඩොකෙක් වෙන්න ඉන්න කොම්ලෙක් විදියට නිමේක්ෂ අයියට ඕනි වුනේ උගෙ සදාදරණීය නෙතූ මම්ලිව හොස්පිට්ල් එක්කන් යන්න.අනේ යකූ උණ හැදුනා කියලා මැරෙන්නෑ.හැබැයි ඉතින් හැමදාම ලෙඩා දුකා වෙලා ඉන්න මට වඩා කලාතුරකින් මෙහෙම එකෙක් ලෙඩා දුකා වුනාම එතන සැළකිය යුතු මෙව්වා එක්කුත් තියෙනවා.කොහොම උනත් ඔය යකාව බොට උස්සගෙන තමයි යන්න වෙන්නෙ නිමේක්ෂ අයියෙ.මං දන්නැතුවයෙ ඔය නිට්ටෑවගෙ හැටි!
"වද නොදී පලයන්කො නිමේක්ෂ අයියෙ!"
"නෙතූ... හරි මං දන්නවා මං පරක්කුයි කියලා.ඒත් උඹ හිතනවා වගේ දෙයක් නෙවෙයි සිද්ධ වුනේ!පොඩ්ඩක් තේරුම් ගනින්කො මල්ලි.."
නිමේක්ෂ අයියා අති සාර්ථක විදියට නිම්නයගෙ ඇඳෙන් වාඩි වෙන තැනට වැඩ සිද්ධ කරගත්තා.ඌ වාඩි වුනාට අර පොර හිටියෙ අනික් පැත්ත හැරිලා.එහෙමයි කියලා නිමේක්ෂ අයියට උගෙ නළලෙන් අත තියන්න බැරිකමක් තිබ්බෙ නෑනෙ.ඌ ඒකත් කළා!
"මං දන්නවා උඹ ඩිප්රෙස් වෙලා ඉන්නෙ කියලා.. උඹට යන්න එන්නත් බැරිනම්.. හිතේ තියෙන දෙයක් කියහන්.මං ඉන්නවනෙ අහන් ඉන්න?"
අනේව්.. හව් ස්වීට්.. නිමේක්ෂ අයියා මැර සීන් එකේ හිටියට නිම්නයා ළඟදි ඌ වෙනම එකෙක්.අනික.. අර පොරගෙ නළලෙන් අත තිබ්බට පස්සෙ අහක බලන් හිටිය ඌත් ඉබේම වගේ උගෙ පැත්තට හැරුණා.හැරිලා ඇඳ වියළට කොට්ටෙ තියන් හේත්තුවක් දාන් ඉන්න හිතන් ඔලුවත් උස්සගත්තා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"You have me until every last star in the galaxy dies" "You have me" -මණ්දාකිණි~ -24.10.30