🌀රැහිර මේඝ විසි හත්වෙනි කොටස 🌀

2.8K 325 157
                                    

.

අහම් ........

රිදෙනවද මැණික ....රස්නේ වැඩිද ......

ලා රස්නේ වතුර වලින් අැගම තෙමිලා යනකොට මම රැහිරව පරිස්සමට අත් දෙකට  වතුර පිරැණු සුවද ගහන ටබ් එකක් අැතුලින් තිබ්බා විතරක් නෙමේ මමත්  ටබ් එකට බැහැලා රැහිරව මගේ  පපුවට හේත්තු කරගත්තා ...

අැගේ කිසිම අැදුහක් නැතුව ලා රස්නේ වතුර  වල පිච්ච මල් සුවදින් පිරිලා ගිය වතුර අැතුලේ මගේ පණ මගේ පපුවට ගුලි  වෙලා ...

මට සනීපයි ....ඔයා පසුතැවෙන්නේ නැද්ද ...අැස් පෙන්නේ නැති කොල්ලෙක්ව

රැහිර බාත් ටබ් එකේ සබන් පේන අත් වලින් ගගහා කියද්දි එයාගේ හුරතල් වැඩේට මට හිනා ගියා ...පොඩි බබෙක් වගේ ...

ඔයාගේ අැස් වල විස පිරිලා ..එවා ටික කාලෙනින් අයින් වෙලා යයි ....ඔහොම නෙමේ අතක් පයක් නැති වුනත් ඔයා මගේ වස්තුව ..අතින් අල්ල ගත්තේ කරදරයක් වුන ගමන් අත අැරලා දාන්න නෙමේනේ ...

රැහිරගේ කන් පෙත්තට හාදුවක් දිලා මම එයාව මගේ පැත්තට හවගන්නකොට රැහිර මගේ ඉන වටේ කකුල් ඔතන් මට ලන් වෙනකොට මට ඉබේම බැලුනේ නිරැවත් කිරි පාට අැගේ මැකිගේන යන රතු පාට කැලල් ...

මම ශොටක් අැදලා හිටියට එයා නිරැවතින් ..මට වගේම රැහිරටත් එක ගානක් නැ වගේ ..සතියක් තිස්සෙම එයා ගේ වැඩ වලට උදව් කලේ මම ....

තවදුරටත් රැහිරගේ නිරැවත මට අලුත් දෙයක් නෙවෙයි ...

රැහිරව හම්බෙනකොට කිරි පාට පිටේ කැලලක් නැති තැනක් තිබ්බේ නැතත් සති එකහාමාරක් දෙකක්  තිස්සේ මමයි  ඉදුවරයි රැහිරට කරපු බෙහෙත් නිසා දැන් නම් කැලල් බාගේට බාගයක්ම මැකිගේන යනවා ...

උණු වතුරට පිච්චුන  හම ට පවා බෙහෙත් බැදලම දැන් තුවාල නැතිම වෙලා ...

රැහිරව වොශ් කරවලා මමත් නාගෙනම  ටවල් එකකින් රරහිරව ඔතලා මම එයාව උස්සනකොට රැහිර සද්දෙට හිනාවිගේනම මගේ බෙල්ලේ එල්ලුනා ...

රරහිරව අැදෙන් තියලා මම ටවල් එකක් ගලවලා බොක්සර් එකක් අරදගෙන කොන්ඩේ පිහදාගන්නකොට ඉනට පටලවගත්ත ටවල් එක පිටින් රැහිර නැගිටලා හීමිට අඩි තියලා මගේ ලගට අැවිත් මගේ උරහිසට උඩින් ඔලුව තියාගන්නකොට කන්නාඩියෙන් පෙනුන රැහිරගේ තනි සුදු පාට අැස් දාක දැකලා මාව ගැස්සුනා ...

❄.........රැහිර මේඝ..........❄Where stories live. Discover now