ඊයේම බොලාලට තෙරැනේනැද්ද රැහි බබා ඔයාලව අැන්දුවා කියලා ..මතකේනැති එකා කොහොමද බන් මුඩුක්කු අස්සේ බෙස්මන්ට් වල බඩගාන්නේ ..
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
සද්ද නැතුව ගිහින් වාහනේට නැගපන් එවොන් ...
තමුන්ගේ ටිම් රැහිරගේ මහලොකු අති දක්ශ ඊගල්ස්ලයි දෙගොල්ම මම ගාව ...
පාලම ලග හිටපු මගේ කොන්ද මැද්දට පිස්ටල් එකක් තද වෙද්දි අැහුනු කටහඩ එක්ක මම හැරිලා බලන්නත් කලින් ම ඉදුවර මගේ අත් ගොබෙන් අල්ලලා අැදගෙන වගේ අැවිත් වටේම පොලිස් යුනිෆොම් අැදන් හිටපු අයට සිග්නල් එකක් දෙද්දිම එතනින් දෙන්නෙක් අැවිත් මගෙ අත්දෙක තද වෙන්න ලනුවකින් ගැටගහද්දි මම සද්ද නැතුව හිටියා ...
වෙන මොනවා කරන්නද ..එක පැත්තකින්මගේ වස්තුව අාගිය අතක් නැ ..අනිත් පැත්තෙන් මම දශමයක් හරි දැගලුවොත් මගේ කොල්ලෝ ටික විනාස වෙනවා ...
පරණ ගබඩා කාමරේක ගාරඩ් එකක් එකක්ම තැන තැන බල්ලෝ බලල්ලු වගේ බැදලා දාලා හිටපු කොල්ලෝ ටිකගේ ෆොටොස් දැක්කහම මට කරගන්න දෙයක් කොහොමත් නැති වුනා ..
මගේ පස්සෙන්මාත් එක්ක අාපු නිතිජට ඉදුවර අත තිබ්බා විතරයි කිසිම තැනකදි කඩාගෙන වැටෙන්නැති කොල්ලා ගල් වෙලා බිමට වැටෙද්දි සිහියක් පතක් නැතුව හිටපුනිතිජට පයින් ගහගෙනම නැගිට්ටා් සිරින්ජර් එකක් අතේ කරකවන ගමන් ..