උපදේශනයෙන් මුක්කු ගසා
පෙති කරලින් පිළිසකර වෙමින්
යළි ගොඩනැගෙන සිනහවකින්
සරසා වසාගෙන අතීතය,
රාජකාරියත්
ගෙදර කාරියත්
අකුරටම ඉටුකරන,
සටන අත් නොහැරි ඔබට...
ආදරෙන්
පා කර එවමි බර්ගන්ඩි පැහැ
උණුසුම් වැළඳගැනීමක්
සඟවලා මේ පිටු අතර...බර්ගන්ඩි - මධුෂිකා රාමනායක
15/09/2024
මේ බර්ගන්ඩි ගැන නොදන්නා අයට
මේක ඉතාම සරල, නොගඹුරු කතාවක්. කොටින්ම සරල සරල වචන ගොඩක් විතරයි වගේ කියලත් හිතෙනවා. ඒත් මේ කතාව මට ලියන ජීවිතේ සහ සැබෑ ජීවිතේ ගොඩක් පාඩම් ඉගැන්නුවා. ඩිජිටල් අවකාශයෙන් මකා දමා තිබියදීත් මම බොහෝ දේ මේ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා.මේ සාහිත්‍ය මාසෙ, මගෙන් ඔයාලට ආයෙත් තෑග්ගක් විදියට සාහිත්‍යමය බවක් නැති වුණත්, ගලාගෙන යන ප්ලොට් එකක් ඇති මේ කතාව නැවත පළ කරනවා.
මගේ කිසිම ලියමනක සුදුම සුදුපාට චරිත බලාපොරොත්තු වෙන්න එපා කියලත් ආදරෙන් මතක් ක රනවා.
ESTÁS LEYENDO
❤ Burgundy ❤ Reuploading
Romance" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023