මගේ යූෂ් ට ඕනේ මාත් එක්ක නිදන්න නේද? හරි එහෙනම්, කොහොමද කැමති.
එතැන් සිට........
....................................................................................
මේ මොන මංගල්ලයක්ද උනේ, ඔක්කොටමත් හරි දෲව් ගේ ඇස්වල බැල්ම, එයා පුපුරන්න ආසන්න ක්ලේමෝ බෝම්බයක් වගේ. ඒ තරම් තරහක් ඒ ආඩම්බරකාරී ඇස් දෙකේ තිබුනා. මට හරියට කෙල ගිලුනෙත් නෑ. මෙහෙට ආව ටික දවසට, දෲව් ව මුණ ගැහුන මේ මාසෙක කාලෙට, මට මෙහෙම හිතට ගැස්මක් ඇතිවුණේ නෑ. ඒ නිසාමයි මම දෲව් ව තල්ලු කරන්න උත්සහ කලේ. මොන, මට ඒ ගැන හිතන්නවත් බැරිවුණා. ඔයාලා බලනවද අංගම්පොර දන්න එකෙක්ට ඒ වගේ දේවල් අමාරුද කියලා. ඇයි හත් දෙයියනේ මේ මගේ ප්‍රතිවාදියෙක්ද, මේ මම ආදරේ කරන එකානේ, එතනම මේ ආයුෂ් දුර්වල වෙලා ඉවරයි. ඉතින් මම වචන ගොත ගහ ගහා කතා කලා.,
"දෲ.....ස...සර් අයින් වෙන්න"
"ඇයි. ම්ම්"
"සර්"
"ඇයි?, දැන් උඹමනේ කීවේ. එකෙක් බැරි නම් කීප දෙනෙක් හරි කමක් නෑ කියලා. ඉතින් මම ඉන්නවනේ. ඒක කරමු. හවස් වෙනකම් පුලුවන් වෙයිනේ. මොකද මම se*x වලදි එච්චර ලේසි එකෙක් නෙවේ. පිට එවුන් එක්ක ඉන්න. හහ්..උඹ එහෙම කීවෙවත් කොහොමද යූෂ්"
"සර්...සර්... මම"
"ඔව් උඹ තමයි, කොහොමද එහෙම කීවේ, කොහොමද වෙන එවුන් එක්ක ඉන්නවා කීවේ, කොහොමද මගේ ජාදුගර්. එකක් මතක තියා ගනින් යූෂ් උඹේ ඇගට වෙන එකෙක් අත තියලා තිබ්බොත් මම උඹට මොනවා කරයිද දන්නෑ. බූලෝ මත් රාජ්පූත් රක්ත් වචන් කේ බොහොත් පක්කේ හේ (අමතක කරන්න එපා රාජ්පූත් ලේ පොරොන්දු රකිනවා).''
"මොකක්ද?"
"මුකුත් නෑ, දෲව් සිංග් රාතෝඩ් දුන්න පොරොන්දු මැරුනත් කඩන් නෑ කියලා කීවේ. අපි බලමු දැන් මගේ යූෂ්ට කීව දේ කරන්න පුලුවන්ද කියලා."
එහෙම කියලා දෲව් මගේ බෙල්ලට පාත් උනා. යකෝ මම කටට ආව පලියට කියෙව්වට, දෲව් ට මම ආදරේ කරන පලියට, මෙහෙම දෙයක් කීයටවත් බෑ හත් දෙයියනේ. ඒ නිසාමයි මම ගොඩ දාපු මාලුවෙක් ගැහෙනවා වගේ ගැහෙන්න ගත්තේ. ඇස් දෙක තද කරගෙන, ගැහුන මට බෙල්ලට කිසිම පහසක් නොදැනෙද්දි, මම හිමීට ඇස් ඇරියා. එතකොට තමයි මම දැක්කේ මන් දිහා අමුතු බැල්මකින් බලන් ඉන්න දෲව් ව.
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.