මගේ...
"ම්ම් මගේ, ඇයි මගේ කියන්නේ කියලත් කියන්නම්. එතකම් ඉවසන්න."
"ම්ම්"
එතැන් සිට.........
....................................................................................
'මගේ' කියන්නෙම අයිතියක්, මේ වචන වල තියෙන්නෙම අයිතිය. ඒත් මන් ගැන එහෙම කියන්නම තරම් හිතක් දෲව් ට ආවේ කොහොමද? 'මගේ' මේ වචන කන් ඇතුලේ දෝන්කාර දෙද්දි මම බලන් හිටියේ එයාගේ ඇස් දෙක දිහා වෙද්දි, එයා ලොකු හුස්මක් අරන් මගේ ඇස් දිහා බලන්ම කතා කරන්න ගත්තා.
"යූෂ්"
"සන්ෂයින්"
"හිතේ තියන දේ අහන්න."
"එ..එහෙම මුකුත් නෑ."
"යූෂ් දන්නවද? යූෂ් ගේ මායාකාරී ඇස් මාත් එක්ක කතා කරනවා කියලා. යූෂ් හිතේ තියන දේ කියන්න"
"මගේ, ඒ කියන්නේ අයිතියක්,ඒත් ඔයා ඇයි එහෙම මට කියන්නේ."
"පස්සේ කියන්නම්"
"please සර්, මට කියන්න."
"සම්පූර්ණ නැතත් ටිකක් හරි මම කියන්නම්. යූෂ් මොකද හිතන්නේ එදා මම කරපු දේ ගැන. වෛර කරනවද මට."
දෲව් මගේ ඇස් දෙක දිහාම බලන් එයාට වෛර කරනවද අහද්දි මාව ගැස්සිලා ගියා. එයාගේ ඇස් මගේ මූණ පුරා ගියේ පිළිතුරු බලාපොරොත්තුවෙන්, වෛර කරන්න. අනේ මම කොහොමද එහෙම හීනෙන්වත් හිතන්නේ.මට පුලුවන්ද ඒක. මාව මැරිලා යයි.
"ආයුෂ්...උත්තර නැද්ද? ඒ තරමට මට වෛ...."
"නෑ.......නෑ....."
එයා මගෙන් ආයෙත් වෛර කරනවද කියලා අහද්දි මම පැනලා උත්තර දුන්නේ දෲව්ව නිහඬ කරවන ගමන්. දෲව් කීයටවත් මම එයාට වෛර කරනවා කියලා හිතන්න ඕනේ නෑ. ඒත් එක්කම ඇස් දෙක පියාගත්ත දෲව්, හරිම ලස්සනට හිනා උනා. මේ ටික කාලයට මම දැක්ක එයාගේ ලස්සනම හිනාව.
"යූෂ්"
"ආ....හා... ඔ..ඔව්"
මම හිටියේ ඒ ලස්සන හිනාවෙ අතරමන් වෙලා, එයාගේ හඬට පියවි සිහියට ආපු මම දෲව්ට උත්තර දුන්නෙත් වචන අමතක කරලා.
"ඇත්තටම නැද්ද?"
"නෑ. ඒත් සන්ෂයින් මට කියන්න. ඇයි එහෙම කලේ."
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.