"නෙහාර////"
එතැන් සිට....
-------------------------------------------------------------------
"how dare you Nehara, උඹ කොහොමද ඒ වගේ බලු කතාවක් සර් ගැන කියන්නේ. මේ උඹේ ගුරුවරයා.අනික උඹව අමතක කලාද කියන්නේ. මම උඹව මතක තියන් හිටියේ කොයි වෙලාවෙද?""යූෂ්"
"සන්ෂයින්.."
"පිටිපස්සට වෙන්න"
"ඒත්"
"මම කීව දේ මොකක්ද?"
දෲව් ඒ විදිහට අහද්දිම මම දැනන් හිටියා මට එතනින් එහාට කතාවක් නෑ කියලා. ඒ නිසා නෙහාර දිහා එකපාරක් බලලා දෲව් ගේ පිටිපස්සට ගියා.
"waaw අපේ සර් කියන දේ නියමෙට අහනවා නේද ආයුෂ්?"
"ආයුෂ් දෲව් සිංග් රාතෝඩ්"
"what//"
ඒ පාරනම් මමයි නෙහාරයි හොල්මන් වෙලා කෑ ගැහුවේ දෲව් ඒ කියපු නමට.
"why, මීට කලින් කීව දේ අමතකද යූෂ්. ආයුෂ් අයිති දෲව් සිංග් රාතෝඩ් ට."
"ඒත්"
"ඇයි"
මම දෲව් ව ඒත් කියලා නවතන්න හැදුවත් එයා ඇයි කියලා අහපු හඬම මාව නැවැත්තුවා.
"මොකුත් නෑ"
"ඉතින් නෙහාර...ආයුෂ් මගේ ගෝලයෙක් නොවුනට තමුන් මගේ ගෝලයෙක් මම හරිද?"
"ඔව්."
"properly answer දෙනවා නෙහාර මම තමුසෙගේ servant කෙනෙක් නෙවෙයි."
"ඔව් සර්"
"good"
"දැන් ආයුෂ් ගැන අහපු ප්රශ්නය, ආයුෂ් මාත් එක්ක නිදාගත්තද නැද්ද කියන දේ, ඒක මගෙයි ආයුෂ් ගෙයි අතර ප්රශ්නයක්. ඒත් වගකීමෙන් කියනවා අපි තාම එකට නිදාගත්තේ නෑ"
"තාම..??"
දෙයියනේ දෲව් අනේ අයියෙ ඔයා මේ මොනවද කියවන්නේ.
"දැන් තමුසේ heaven bar එකේ නිදාගන්න කොල්ලා ගැන මට කියනවද? ගෙදර තාත්තා දන්නවද?"
"ස...සර්"
"ඩිනෝල්...මම හරියට නම කීවද?"
දෙයියනේ දෲව් කොහොමද ඩිනෝල් ගැන දන්නේ. ඊටත් නෙහාරට සම්බන්ධයි කියලා කොහොමද දන්නේ. ඒ බාර් එකේ හිටිය කෙනෙක් විදිහට මම හොදට දන්නවා ඒ දෙන්නා කොච්චර පරිස්සමින් වැඩ කරනවද කියලා ඒත් දෲව් කොහොමද?
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.