මාස දෙකකට පසු
රාත්‍රි 7.30 යි, අවිස්සාවේල්ල බස් ස්ටෑන්ඩ් එකට වෙලා මම කල්පනා කලේ යන්නේ කොහෙද කියලා. මගේ දෲව් ව අතෑරලා මම ඇවිත් හරියටම මාස දෙකයි. මම දෲව් ගේ ඒක මැරෙනකම්ම මේ ආයුෂ් රකිනවා.මේ මාස ගානට මම නොවිදපු දුකක් නෑ. පේමන්ට් එකේ රාත්‍රින් කිහිපයක් නිදාගත්තා,අතේ තියන තුට්ටු දෙක වියදම් කරගන්න බෑනේ, ඉතින් බඩගින්නේ හිටපු දවස් ගොඩයි. සටන් කරන්න පොඩ්ඩක් පුලුවන් නිසා මම ආරක්ෂා වුනා මේ වෙනකක්. මේ හැමදේම විදවලා ඉන්න කාමර කෑල්ලකුයි වැඩ කරන්න පොඩි කඩේකුයි හොයාගත්තත් අද වෙද්දි එතනිනුත් යන්න උනේ මම අහම්බෙන් දෲව් වයි රුද්‍ර වයි දැක්ක නිසා. කේශුවා මොනව කරනවද දන්නේ නෑ, දෛවය කොච්චර මට අසාධාරණයක් කරනවද කියනවනම්, පොඩි කාලේ ඉදන් එකට හිටපු කෙල්ලොන්ගේ කසාදේ දකින්න බැරි උනා.හ්ම්ම්, ඉගනීම ඉවර වෙනකම් බදින්නෑ කියපු උන් දෙන්නා මේ වෙනකොට කසාද බැදලා එකම මණ්ඩපයේ එකම දවසේ, මොනවා උනාද දන්නෑ. ඒත් මට ආරන්චි උනා.එකාතකට මේ කාලකන්නියා එතන හිටියේ නැති එකම හොදයි. මට මහන්සි ඇගට අමාරුයි, ක්ලාන්තේ වගේ ඒ නිසා බස් ස්ටෑන්ඩ් එකෙන් ඉද ගත්තත් මම බලාගෙන එතන හිටපු කොල්ලෙක් සැරෙන් සැරේ මන් දිහා බලනවා.අනේ ම..මට ඇ...ඇස් ඇ...රන්....
"ම්ම්...හ්...ආ...ශ්..."
"ස්ස්...හරි...හරි ළමයෝ....හෙමින්..හෙමින්..ඇස් අරින්න. good...good..හෙමිට..."
මගේ ඇස් අලවලා වගේ තියෙද්දි මම නැගිටින්න උත්සහ කලත් එක පිරිමි කටහඬක් මට ඇස් අරින්න උපදෙස් දුන්නා. ඒ උපදෙස් වලට අනුව ඇස් ඇරලා බලද්දි මම දැක්කේ මගේ ලග ඉන්නේ අර බස් ස්ටෑන්ඩ් එකේ හිටපු කොල්ලා. මම කලබළ උනාම එයා,
"හේ ඔහොම ඉන්න..කලබල නොවී ඉන්න..."
එහෙම කියලා එයා මාව මගේ ඇග වටේ අත යවලා මාව කෙලින් කරවලා පිටට කොට්ටයක් තියලා ඇද වියලෙන් හේත්තු කලා. මම ඉන්නේ හොටෙල් කාමරයක. මට බයයි. මොකද මගේ ඇගට පන නෑ. ඒ වගේම මම මේ මනුස්සයාව දන්නෑ. ඒත් එයා සුන්දරයි. ඇස් දෙක තුල තියෙන්නේ ගින්දර වගේ බැල්මක්. එයා තියුනුයි ඒත් එයා ඉන්නේ ගොඩක් ලොකු දුකකින් වගේ. මම මොනවත් අහන්න කලින්ම එයාට call එකක් ආවා.
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.