No one pov.
...........................වේදනාත්මක බවින් පිරුණු මුහුණකින්, මැලවිලා ඇදට වෙලා නිදන් ඉන්නේ ආයුෂ් ය. තවමත් පියවි සිහියට නොපැමිණි ආයුෂ් ගේ එක් අතක කැනියුලා එකක් ගසා සේලයින් ලබා දී ඇති අතර, මේ අන්දකාරයෙන් ගිලුන කාමරයට පැමිණි රුවකි. අන්දකාරය තුලින්ම ආයුෂ් ගේ ඇද ලගට පැමිණි ඔහු table lamp එක පමණක් දමා ආයුෂ් ගේ ඇද අයිනෙන් ඉදගෙන ආයුෂ් දෙසම බලා ඉන්නට විය. ඒත් සමගම තවත් පුද්ගලයෙක් ඒ කාමරයට පැමිණියේ කලින් පැමිණි කෙනා ඇර තිබූ ආයුෂ් ගේ කාමරයේ දොර වසා ගෙනයි. නිශ්ශබ්දව කලින් කාමරයට පැමිණි පුද්ගලයා ලගට පැමිණි ඔහු ඔහුගේ කරින් අතක් තැබුවේය.
"දෲව්"
"රුද්‍ර"
"උඹ අඩනවා ද"
"උඹට එහෙම පේනවා ද"
"හැගීම් දැනීම් ගල් කරගන්න දෲව් සිංග් රාතෝඩ් ව අඩවන්න තරම් මේ පොඩි එකා දක්ශයි."
"එයාට ලොකු වේදනාවක් මම දුන්නා රුද්‍ර, මගේ යූෂ් ව මම ගොඩක් රිදෙව්වා. එයාව හැම පැත්තෙන්ම තැලුවා මම. කායිකව, මානසිකව, හැම පැත්තෙන්ම. උඹ එයාගේ ඇස් දෙක දැක්කද රුද්‍ර. අනේ ඒවා මගෙන් ඉල්ලුවේ එක පාරක් විශ්වාස කරපන් කියලා. මගේ යූෂ් මට කීවේ ඌ එහෙම ජරා ගොඩක් නෙවේ කියලා. ඒ ඇස් මට කීවේ ඒක"
එලෙස කියමින් ආයුෂ් ගේ කෙස් අතරින් ඇගිලි ගෙනියමින් ඔලුව පිරිමදින දෲව් දෙස බලමින් හුස්මක් හෙලූ රුද්‍ර,
"දෲව්"
"රුද්‍ර, බාර් එකේදි ඒ මාස්ක් එක පිටි පස්සේ හිටියේ මගේ යූෂ් කියලා මම දකිද්දි, අනේ බන් මම ඒ කතා ඔක්කොම බොරු කියලා විශ්වාස කලා බන්. මන් ඒ තප්පරේම ඒ දේ විශ්වාස කලා.
ආයුෂ් යූෂ් දෙන්නම එකෙක් කියලා දැනගද්දි මට ඕන උනා බන් ඌට කියන්න, මම සමාජේ කියන දේවල් පිලි ගන්නෑ කියලා.""දෲව් උඹ දන්නවද උඹ කී පාරක් මේ පොඩි එකාට "මගේ" කීවද කියලා, උඹ මූට ආදරෙයි බන්, උඹේ අත ඒකට ශාක්ශි, උඹේ ඇස් ඒකට ශාක්ශි."
"වැඩක් තියේද දැන්, මේ කොල්ලා මට වෛර කරයි බන්, මම කොච්චර toxic චරිතයක්ද රගපෑවේ. ලෝකයාට කොහොම උනත් මගේ උන්ට මම එහෙම නෑ. උඹ දන්නවා ඒක. අනෙක් පැත්තෙන් අපි කැමති උන එවුන්ම අපිට වෛර කරයි. මම ඒකයි කීවේ උඹලට මේකට මැදිහත් වෙන්න එපා කියලා. කේශව් ඉන්නේ තරහින් වියරු වැටිලා."
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.