උදේම නැගිටලා ඉක්මනින් ලෑස්ති උනේ college එකට යන්න. ඒ නිසාම උදෙන්ම රාතෝඩ් මැන්ෂන් එකේ මට අයිති වැඩ ටික ඉවර කලා, දෲව් එක්ක මෙහෙ servant job එකක් ගැන කතා කලත් එයා කතාව මගෑරියා,ඒ නිසා ආයේ පාරක් අහන්න ඕනේ මම. කේශුවයි මායි දෙන්නම ගෙයින් එළියට බහිද්දිම දෲව් කාර් එක අරන් අපි එනකම් මග බලන්. හරිනේ එයා කීවනේ අපිත් එයා එක්ක යන්න ඕනේ කියලා. ඒත් කොහොමද එහෙම කරන්නේ.මම දෲව් එක්ක කතා කරලා මේක විසදගන්න යද්දි කේශුවා කලේ සද්ද නැතිව ගිහින් කාර් එකේ පිටිපස්සෙන් ඉදගත්ත එක. එහෙම ඕනේ නෑනේ මාව අසරණ කරන්න ඒ නිසාම මම කේශුවාට රැව්වා. ඒ අතර දෲව් කතා කරද්දි තමයි මම හොද සිහියට ආවේ.
"යූෂ්..."
"ස...සන්ෂයින්.."
"නගින්න පරක්කු වෙනවා නේද ඔයාට."
"සර් අපි වෙනදා ආව විදිහට යන්නම්."
"ආයූෂ්...නගින්න.කේශව් දැනටමත් වාඩි වෙලා."
"සන්ෂයින් ඒත්...."
"ආයුෂ්..."
"හරි ඉතින්.. නගින්නම් බනින්නේ මොකටද?"
"බැන්නේ නෑ මම. ඉක්මනින් ඉතින්."
"ම්ම්"
මොනවා කරන්නද දෲව් අහන්නේ නෑ නේ. ඒ නිසාම මමත් වාහනේට නැග්ගා. ඒකත් ඉස්සරහින් මොකද පිටිපස්සෙන් ඉදන් මම driver ද කියලා අහන්න ඕනේ නෑනේ.
"ඕක තමයි මම කලින්ම ඉදගත්තේ ආයුවා"
"අනේ යන්න කේශුවා. මහ ඕන්නෑ."
කේශු දෲව් දෙන්නම එක්ක තරහ උන මම අත් දෙකත් පපුවට බැදන් වාඩි උනේ. ඒ දෙන්නා කතාවෙන් college එකට එද්දි. දෲව් car park එකෙන් දාලා වාහනේ නවත්තත්දි දෙන්නටම කලින් බැහැගත්ත මම ඉක්මනින් practice hall එකට දුවන් ආවේ කේශුවා මට කෑ ගහද්දි.
"ආයුවා ඔහොම ඉන්නවා...මම එනකම්..."
ඒත් කරුමේ ලොකුයි කියද්දි මල යකෙක් වගේ මග අහුරන් හිටියේ නෙහාර.මේ පිස්සු යකා මේකා පිල්ලියක් වගේ මගේ පස්සෙන්ම එනවනේ.
"දැන් ලොකු වාහන වල නේද ගමන්"
"නෙහාර යන්න දෙනවා මට."
"ප්‍රොෆෙසර් කාරයා කොහොමද දන්නේ."
"ඒක ත ....."

YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.