06

86 10 47
                                    

...ජටා තවේ ගලා ජලා ප්‍රවාහ පාවිතස්තලේ
ගලේ...වලම්බ්‍ය ලම්බිතම් බුජන්ග
තුන්ග මාලිකම්
දමද් දමද් දමද් දමන් නිනා දවද්
දමර් වයම්
චකාර චන්ඩ තාණ්ඩවම් තතො නහා ශිවා ශිවම්.......

උදේම ඇහෙන ශිව තාණ්ඩව ස්තෝත්‍රය උදේම කණ මතේ ඇහැරිලා ඉන්න මට මතක් කලා මම ඉන්නේ දෲව් ගේ ගෙදර කියලා. ඊයේ ගොඩක් වෙලා පාඩම් කරලා ඇදට වැටුන පමාවට මට නින්ද ගියා. මට හිතෙන්නේ දෲව් ශිව දෙවියන්ගේ භක්තිකයෙක් ද කොහෙද.? ඔව් ඉතින් ශිව දෙවියන්ට වගේ කේන්තිත් යනවානේ. හ්ම්ම් ආයුෂ් අද නිවාඩු එකේ ඉක්මනින් වැඩ ටික ඉවරකරලා පොතයි වයලීනයයි අතට ගනින්. උඹට exam.

no one pov.

ටක්...ටක්...ටක්....

දෲව් office room එකේ වැඩ කර කර ඉන්න අතරේ ඇහුන දොරට තට්ටු කිරීමේ හඩත් සමග තම අවදානය එයට යොමු කලේය.,

"coming"

"good morning sir"

"morning, හොයාගත්තද?"

"ඔව් සර්. mr. ආයුෂ් ගැන හොයාගන්න පුලුවන් සේරම විස්තර මෙතන තියෙනවා."

"ම්ම්. කෙටියෙන් කියන්න"

"ආයුෂ් අනාත කොල්ලෙක්. child care එකේ හැදිලා තියෙන්නේ. එයා පොඩි කාලේ ඉදන් සල්ලි හොයන්න උත්සහ කරලා තියනවා. ඉන්න නිවාසෙම වැඩකාරකම්, පොඩි පොඩි කඩවල් වල වැඩ. අවුරුදු 15 ඉදන් එයා සතියකට දවස් තුන හතරක් නුවර ගිහින් තියනවා. ඇයි කියලා හොයාගන්න බෑ."

"ඇයි"

"සර් විස්තර මොනවත් නෑ.දැන් ---- හොටෙල් එකේ වැඩ. college එකේ ඉගනගන්න scholarship එකක් එනවා. ඒත් සර් මේ"

"මොකද?"

"කොල්ලා ගැන කියන කතා හොද නෑ. කොල්ලා ගෑණු මිනිස්සු එක්..."

සලා......න්

මේසේ උඩ කොළ වල බරට තියන paper ball එක අරන් දෲව් බිත්තියේ රාමු කරපු පින්තූරයකට ගහපු පාර ඒකේ වීදුරු බිදිලා හැමතැනම විසිරිලා ගියා.

"කියනවා"

"සර් සර් ගෑණු ළමයි, පිරිමි ළමයි හැමෝම කතා වෙන්නේ ආයුෂ් රෑට රෑට එහෙම යනවා කියලා. ඇත්තටම ආයුෂ් එයා ඉන්න තැනින් හැම රෑකම අතුරුදහන් වෙනවා. කොහෙද හොයන්න බෑ. ඉතින් ඒකයි college එකේ අය එහෙම කතා වෙන්නේ."

❤️‍🔥ආයුෂ්❤️‍🔥Where stories live. Discover now