"ගෙදර යමු"
"හ්ම්ම්"
එතැන් සිට.....
-------------------------------------------------------------------
දෲව් මට ගෙදර යමු කියද්දි මම හා කීවේ මටත් මේ විදිහට ජීවත් වෙලා ඇති නිසා. මට ඕනේ මගේ දරුවා මගේ මහත්තයා එක්ක සැනසීමෙන් ඉන්න. කල්පනා ලෝකේ සැරි සර සරා ඉන්න කොට දෲව් මගේ බෙල්ල වටේ අත දාලා එයා ලගට අරන් පොඩි වෙලාවකට මගේ දෙතොල් එයාගේ දෙතොලින් අල්ලන් ඉදලා අත් හැරියා. ඒ උන දේ නිසා පුදුමෙන් මම ටික වෙලාවක් බලන් ඉද්දි දෲව් කලේ අවි ගේ ඔලුව සෙමින් පිරිමදින්න ගත්ත එක එයා ලස්සනට හිනා වෙනවා. ඒ ඇස් ආදරයෙන් පිරිලා."වස්තුව"
"සන්ෂයින්"
"දන්නවද, චෑම්ප් ව ඉස්සර වෙලා දකිද්දි එයාට සිහිය තිබ්බේ නෑ.කොල්ලව මගේ දෝතට අරන් හොස්පිට්ල් ගියේ.මගේ පපුව රිදෙන්න ගත්තා ඒක මහ අමුතු හැගීමක්. මගේ පුංචි චෑම්ප් එයාගේ ලොකු නංගිව බේරලා."
එයා කියාගෙන ආව කතාව නවත්තලා මගේ දිහා බැලුවා. ඇත්තටම මමත් දන්නෑ මගේ පුතා වැටුනේ කොහොමද කියලා. වෙච්ච දේවල් නිසා මගේ හොද සිහියත් ගිහින්.ඉතින් දෲව් ඒ ආඩම්බර ඇස්වල හැගීම් ගොඩක් පුරවන් කියන කතාව මට අහන්න ඕන උනා.ඒ නිසා මම එයාව නැවැත්තුවෙ නෑ.
"කියන්න"
"කියා ගෙ වැඩ වගේකට මම එහෙ ගියේ. යද්දි අවි වැටිලා ෆේන්ට් වෙලා. කියා අඬනවා එයාගේ අවිව බේරගන්න කියලා. මම කොල්ලව අරන් හොස්පිට්ල් ආවෙ ඊටපස්සේ. වස්තුව මම අවි නැගිටිනකම් හිතුවෙ වෙන පොඩි දරුවෙක්ට උදව් කරනවා කියලා. ඒත් එයා නැගිට්ටම මම දැක්කේ ඒ පුංචි ඇස්, හිනාව මගේ වස්තුවෙ තනිකර උඹ වගේ. ඊටපස්සේ උඹ ආවා. දැන් මේ මැණිකත් මගෙම වෙලා.
"සන්ෂයින්"
"යූෂ්... උඹ මේ දුන්නේ රාතෝඩ් පරම්පරාවෙ උරුමක්කාරයා. ඒක හොදට මතක තියාගන්න.ඒ වගේම තව දෙයක් යූෂ්.මගේ මා යි පාපා ගෙ පිස්සු නෑදෑයො සෙට් එකයි ගෙදර ඉන්නවා. මා දිගටම ඉදි. ඒත් අර සෙට් එක ටික කාලයක් ඉන්නවා. ආශුයි ආහි යි අල්ලන් ඉන්නවා ඒ කරදරේ මේ වෙනකම්.ඒත් ඒ කෙල්ලො දෙන්නටත් ඕන වෙනවා උඹේ හයිය. පුලුවන් ඉක්මනින් යවපන් වස්තුව එයාලව.කොහොම හරි කේශුවත් හොයාගනින්."
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.