සංගීත නාදයට වශී වෙලා වගේ නටපු මට ඊලඟ මොහොතෙ හෙනයක් වැදුනා වගේ වුනා.එකපාරටම මූණ පුරවලා පාරක් වැදෙද්දි මාව පැත්තකට විසිවෙලා ගියේ අනිත් අය කෑ ගහද්දි,
"යූෂ්...."
"ආයුෂ්..."
"ආයු අයියේ..."
ඉතින් මම ඔලුව උස්සලා බැලුවෙ මේ එකපාරටම ගහපු හෙනේ මොකක්ද කියලා. ඉතින් මම දැක්කේ මගේ පනේ ආපහු ඇවිත් කියලා.
"කේශුවා.."
කේශුවා කට කොනකින් හිනා වෙලා මන් දිහා බලන් ඉන්නවා, ඒ ඇස්වල ලොකු දුකක්, වේදනාවක්, තරහක් තියනවා. රුද්‍ර අයියත් එතනට දුවන් එද්දි, මගේ ඇස්වල කදුලු පිරෙද්දි, මම මගේ පනේ දිහා බලන් හිටියා.
"නැගිටපන් උඹට බුලත් දෙන්න ඕනේ නෑනේ, නැගිටපන්,"
"කේශුවා පනේ...."
"අනේ...පනේ....පැත්තකින් තියපන්, උඹේ අනිත් පැත්තට shot එක දෙන්න කලින් නැගිටපන්"
"නිශු....."
"රුද්‍ර..."
රුද්‍ර අයියා එයාගේ පැත්තට කේශුගේ අවදානය ගනිද්දි, මගේ දෑ සමන් මල, මගේ දෲව් මාව නැගිට්ටුවා. මම අහගෙන දියවන්නායි, වන්දා ආන්ටියි, දෲව් ගේ පුංචියි හොරෙන් කතාවක්.
"මා (අම්මා) අනිත් කරදරෙත් ඇවිත්"
"කව්ද මේ"
"චාචි (පුංචි) මේ අර අනාතයාගේ යාලුවා, හැබැයි දැන්නම් යාලුකම් නෑ වගේ."
"එහෙනම්, ඒක හොදයි අපිට ලේසියි."
"හා මා.."
ඔව් ඔව් මගේ එකා උඹලට මට කරදර කරන්නම දෙයි, මාත් එක්ක වෛර බැද ගත්තත් එයා මට කරදර කලත්, වෙන කෙනෙක් මට කරදර කරන්න ඉඩ තියන්න no never.මම ආයෙත් කේශු දිහා බැලුවා, කේශු ලගට ඇවිදන් ආව රුද්‍ර අයියා කේශු දිහාම බලන් ඒ ඇස්වල කදුලු පිරිලා.අනේ මේ ආදර කතාවට හෙන ගැහුවෙත් මගේ ඉක්මන් තීරනය.මම නිසා ඒ දෙන්නා වෙන් වුනේ. සමාවෙන්න දෙන්නම මට.
"නිශු"
"ම්ම්"
"ආවද ඔයා."
"ම්ම්, එන්න වෙලාව හරිනේ."
"රුද්‍ර අයියේ පරන ඇරියස් එකක් තියනවා."
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.