{"මා ඒ කියන්නෙ අම්මා දෲව් ගෙ අම්මා, අනේ එයා මොනවා නොකියයිද, මට අකමැති වෙයිද?}"
එතැන් සිට...
-------------------------------------------------------------------
"මා""හා බෝල් (ඔව් කියනවා)"
"මා ක්‍යා හුවා (අම්මා මොකද උනේ)"
"ආර්ති උතාර්නියේ දෲව්, මේරා දාමාත් ඕර් මේරා පෝතා පෙහෙලි බාර් ගර් ආරහි හේ. (ඇස් වහ කටවහ යවන්න දෲව්, පළවෙනි පාර මගේ බෑණයි මුණුබුරයි ගෙදර එනවා.)"
මට මේ අම්මයි පුතයි කියවන මෙලෝ දෙයක් තේරෙන්නේ නැති කොට, දෲව් ට ලන් උන මම,
"සන්ෂයින් අම්මා බනිනවද? කියන්නකෝ මට"
"අනේ නෑ මගේ රෝස මල, මේ අම්මා දෲව් ට බැන්නත් මේ රෝස මලට බනින්නෑ, අපිට කතා කරන්න දේවල් ගොඩක් තියනවා. ඊට කලින් මේ චාරිත්‍ර ටික කරමුකෝ."
අනේ ඒ අම්මා එහෙම කියද්දි මට පුදුම සතුටක් දැනුනේ, එයා ගොඩක් ලස්සන ප්‍රියමනාප කෙනෙක්.මගේ දෲව් මෙච්චර කඩවසම් අම්මා මෙච්චර ලස්සන ඒ වගේම තාත්තා ගොඩක් කඩවසම් නිසා වෙන්න ඇති. ඊට පස්සේ එයා පූජා තැටිය තුන් පාරක් කරකවලා, ඒකේ තිබ්බ රතු පාට සින්දූර් කුඩු ටිකකින් මගෙයි දෲව් ගෙයි නලලින් තිලකයක් තියලා. මල් පෙති ටිකක් අපි දිහාට ඉස්සා. මේ දිහා ගොඩක් වෙලා බලන් හිටිය මගේ අවියා දෲව් ගේ අතේ ඉදන්ම,
"අම්මාඅප්පච්චියේ...මේන් මල් පෙති වහිනෝ..අම්මාඅප්පච්චියේ ...."
"අනේ බලන්නකෝ දෲ ගේ පෙනුම තිබ්බට මේක චූටි කටර් එකක්නේ"
දෲව් ගේ අම්මා අවිගේ කම්මුලින් ඇදලා කියද්දි මගේ ආඩම්බරකාරයා මූණ අමුතු කරන් අම්මා අල්ලපු තැන පිහ දැන්මා, මට මේ කොල්ලා එක්කනම් බැරි වෙයි. ඒත් අම්මා,
"හහ්...හහ්... හා..නෑ නෑ කියපු එක ඉල්ලා අස් කරගන්න වෙනවා.මේක තනිකරම දෲගේ කොපියක්."
"රෝස මල මේ හාල් මුට්ටිය දකුණු කකුලින් පෙරලලා මේ සින්දූර් වතුර උඩින් අඩිය තියලා ඇතුලට ඇවිදන් එන්න."
අම්මා මම ලග බිමින් තිබ්බ හාල් මුට්ටිය පෙරලලා මම එයා කියපු විදිහටම ඇවිදන් ආවෙ දෲව් මගේ ලගින් එද්දිමයි. මම මේ දේවල් චිත්‍ර පටිවල දැකලා තියනවා.රාතෝඩ් මැන්ෂන් එක මගේ ගෙදර වෙලා, මම සාලෙට ගිහින් පොඩ්ඩක් වටපිට බැලුවා එතකොටයි මම දැක්කේ යූග්, යුවාන්, රුද්‍ර, ආශු එක්කම ආහිත් අම්මා එක්කම ඉන්නවා. මම බලන් හිටියේ ආහි ආශුයි දිහා. ටිකක් වෙලා බලන් ඉදලා මම කෙල්ලො දෙන්නා ගාවට ඇවිදන් ගියා.
YOU ARE READING
❤️🔥ආයුෂ්❤️🔥
Romanceජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.