" මම එකම දේ දෙපාරකට වැඩිය කියන්නේ නෑ කියලා උඔලා හොදට ම දන්නවා නේ . ඒ නිසා මාව මිනීමරුවෙක් කරගන්නේ නැතුව දැන් ම මේ මගුල ඇරපන් . ලොක්කා කිව්වේ මම ආවාට පස්සේ මූව එලියට දානවා කියලා නේ . ඉතින් දැන් ඇරපන් මිනිහෝ !!! "
" ඒ...ඒත් බො-"
' ඩෝං... ඩෝං...'
වෙඩි සද්දෙන් පස්සේ ලෙවින් අයියාගේ වගේ ම අනික් කොල්ලාගේ කටහඩ ඇහෙන එකත් නතර වෙද්දි මට නිකන් ම ඉදගෙන හිටිය තැනින් නැගිට්ටුනා .
ඒ වෙඩි සද්දේ ... ඒක ... ඒක අයියා ද කරේ . එතකොට එයා ... එයා අර මිනිස්සු දෙන්නාට වෙඩි තිබ්බා ද යකෝ . අනේ මොකද්ද දෙයියනේ මේ වෙන්නේ . ලෙවින් අයියේ..... ඇයි යකෝ උඔ මෙහෙම හැසිරෙන්නේ. ඇයි අයියා මැණික උඔට තමන්ව පාලනය කරගන්න බැරි .
වෙඩි සද්දෙත් එක්ක රෙහාන් දැන් ටිකකට කලින් කියපු හැම දෙයක් ම ආයෙත් ඔලුව ඇතුලේ එකින් එක ප්ලේ වෙනවා වගේ දැනෙද්දි මගේ ඇස්වලට නිකන් ම කදුලු පිරුනා .
මම මගේ ලෙවින්ට ආදරෙයි . ඒත් ... ඒත් මේ ලෙවින් නෙවේ යකෝ මට ඕනේ . මම දන්නවා අයියාට තරහා යනවා කියලා . ඒත් එයා මෙහෙම කෙනෙක් නෙවේ නේ . එයා හැමදේම ඉවසනවා . හැමදෙයක් ගැනම ඕනෑවටත් වඩා හිතනවා. ඉතින් එහෙම හිටපු මනුස්සයා දැන් මේ විදිහට හැසිරෙනවා දකිද්දි කොහොම ද යකෝ මම ඉවසන්නේ .
ඔලුව පුපුරන්න තරම් ප්රශ්න ගොඩක් එකදිගට එද්දි ආයෙත් ඇහුන සුපුරුදු කටහඩ නිසා මම ඇස් දෙකත් ලොකු කරන් දොර දිහා බැලුවා . එතකොට .... එතකොට ඇත්තට ම එයා ....
" ඊලග උණ්ඩේ ඔලුව හරහා යවාගන්න ඕනේ නැත්තන් දැන් ම මේ දොර ඇරපන් . උඔලාට තියෙන ප්රශ්නේ ලොක්කා උඔලාව මරලා දායි කියන එක නම් .... ඊට කලින් හිතපන් දැන් උඔලා මේ දේ කරේ නැත්තන් මොනවා ද වෙන්නේ කියලා . ම්ම්ම්... මැරෙන්න ඕනේ නැත්තන් මේ දොර ඇරපන් යකෝ !! "
" හ..හරි බොස්... අ...අරින්නම් "
ලෙවින් අයියා ගැඹුරු කටහඩකින් එහෙම කිව්වා ම තව මනුස්සයෙක්ගේ වෙව්ලන කටහඩකුත් ඒ එක්කම ඇහුනා .
එතකොට එයා ඇත්තට ම මම හිතපු දේ කරලා නෑනේ ද . එයා ... එයා ඒ මනුස්සයාව මරලා නෑ නේද . අනේ ඔයා එහෙම කරේ නෑනේ ද අයියා මැණික. උඔ මිනිමරුවෙක් නෙවේ නේද අයියේ .
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
