" ආර්හ්හ්..... !!!!! එවෝන් .... ටිකක් හෙමින් යනවාකෝ මැණික "
" මොකද්දෝ !!!!! "
" හෙමින් යාආආආ....න් !!!! "
" හෙමින් තමා යකෝ යන්නේ !!!! "
හයියෝ ... මේක නිකන් යුද්ධ පිටිය වගේ යකෝ . එහෙන් අර මනුස්සයා පිටිපස්සේ ඉදන් බෙරිහන් දෙනවා , ඒ අස්සේ මම ඉස්සරහා ඉදන් බෙරිහන් දෙනවා . ඒත්.... ඒත් මාර ආතල් බං .
හුලන් කපාගෙන හිස් වෙච්ච පාරවල් දිගේ ගිය බයික් එක මුලු පලාතට ම ඇහෙන්න සද්දේ දැම්මේ නැතත් ඒකේ යන එවුන් දෙන්නා නම් කෑගැහුවා පලාත ම දෙදරන්න තරම් සද්දෙට. ඔව් ඔව් බං . වෙන කවුද ඉතින් හබ්බායි , මායි මිසක් . හිකිස් ..
ආහ්.... හොද ම එක ඒක නෙවේ නේ බං . ලෙවින් අයියා මාව එක්කන් යන එකට ගෙබි බොසාගේ කැමැත්ත අරන් තියෙන්නේ කොහොම ද දන්නවා ද.
සොම්බිලා ඉන්නේ ... ආන් උන්ව මරන්න කෑම්ප් එකේ ඉන්න එවුන්ගෙන් බාගයක් ම එලියට ගිහින් ලු .ඉතින් හබ්බාට පදින්න පුලුවන් වාහන කෑම්ප් එකේ ආයේ නෑලු . මූ බයික් පදින්න දන්නේ නැ කියහන්කෝ . ඒක කියලා මූ මාව එක්කන් යන්න ද අහලා තියෙන්නේ . මරු හබියා .
ඒ අස්සේ පාරවලුත් හිස් එකේ රේස් පැදලා කප් ගහපු මම ගැම්මට රේස් කරගෙන බයික් එක පදිද්දි හබ්බා නම් බෙරිහන් දුන්නා හරියට මම ඌව බිම දිගේ ඇදගෙන යන ගානට . හහ්.. අපි ගණන් ගයි ඕවා .
" මැණික !!!!! "
" ඒ පාර මොකටද බෙරිහන් දෙන්නේ !!!! "
" මේක මරු එවෝන් !!!!! . I fucking love it ........ හූඌඌඌඌ.... !!!!!!! "
" ඔය ඉක්මනට උඹේ ට්‍රැක පැන්නද ලෙවින් අයියේ !!!!! නටන්නේ නැතුව යමන් බං . "
ම්හුක්... කෑගහලා ම උගුරත් නෑ වගේ බං දැන්නම් . කෑම්ප් එක පාස් වෙලා ටිකක් දුර යනකන් වැටෙයි කිය කිය බෙරිහන් දුන්න හබියා ම දැන් අත් දෙකත් දෙපැත්තට දාගෙන කෑගහනවා කියහන්කෝ. හරිම විනෝදයි ඇහ්...
ඒත් අනේ මන්දා බං . හබියා මෙහෙම ආතල් එකේ ඉද්දි මට කියාගන්න තේරෙන්නෑ ඒ එන සතුට . ඔය මොන මූණ පෙන්නන් හිටියත් අයියා ඉන්නේ ප්‍රශ්න දාහක් ඔලුවේ තියාගෙන නේ . ඉතින්... ඉතින් එහෙම මනුස්සයා මේ විදිහට නිදහසේ කෑගහද්දි කටින් බැන්නට මම හිත යටින් මාර විදිහට සතුටු වුනා .
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
