" ක්හ්ම්... එහෙනම් උඔ ආවා නේ අශ්වින් "
හයියෝ.... ඕනේ නැති මනුස්සයා ඕනෙ ම නැති වෙලාවට නේ අප්පා ඇවිත් තියෙන්නේ . ම්හුක්... හබ්බා පොඩ්ඩක් රොමෑන්ටික් වුනා විතරයි මේකා ආවා නේ ඉතින් බාලගිරි දෝසේ වගේ .
රෙහාන් කාමරේ තිබ්බ යකඩ දොරට කකුලකුත් තියාගෙන එහෙම කිව්වා ම මට නිකන් ම බැලුනේ හබියාගේ මූණ දිහා . හම්මේ... ඉතින් මූණේ සිරියාව . සිරියාවතී පරාදයි යකෝ ඒ මූණට .
ම්හුක්... එහෙම තිබ්බ නම් ඒක එකක් යකෝ . ලෙවින් අයියා රෙහාන් දිහා බලන් හිටිය ඇස් දෙකත් රතු කරගෙන ගිනි පිඹින මකරෙක් වගේ .
ඒ වුනාට මූ මෙහෙම රවන වෙලාවට අමුතු හොට් මැර ලුක් එකක් තියෙනවා කියහන්කෝ . මොනා වුනත් ඉතින් දැන් ඉන්නේ ඉස්සර හිටිය කියුට් හාවා නෙවේ නේ සාන්ත . මමත් ඇත්තට මූණ දෙන්න එපැයි . එයා දැන් සැර මැර ඩැඩියෙක් වෙලා . ම්හුක්...
" මාව එලියට යැව්වේ හැමදාට ම නෙවේ නේ රෙහාන් බොස් . ඉතින් ....Now I'm came back . මොකක් හරි ප්රශ්නයක්ද . ම්ම්ම්..."
ලෙවින් අයියා මාව එයාගේ පිටිපස්සට කරගන්න ගමන් එහෙම කිව්වාම රෙහාන් කරේ හෙන සමච්චල් හිනාවක් දාලා හබියා දිහා බලපු එක .
සැකේ සැක් සාන්ත . මුන් ඔක්කොම එකයි අප්පා . ඔච්චර වෙලා මාව ඉබ ඉබ හිටිය මනුසස්යාත් එකයි , උදේ ඉදන් මල්ලි බබා ගගා බටර් ගාපු මිනිහාත් එකයි . ආර්හ්හ්... මුන් ඔක්කොම එකතු වෙලා අන්තිමේට මාව නේ කන්නේ යකෝ . ඒකනේ මෙතන තියෙන ප්රශ්නේ. හුම්...
මම ෂේප් එකේ රෙහාන් දිහා බැලුවා ම ඌ මට ලාවට හිනා වුනා . හනේ මෝඩ කැහැට්ටෝ ... පිස්සු නම් කෙලින්න හදන්න එපා දෙයියනේ . උඔ මෙතන මල්ලි බබා ගාලා වැලලෙන්න ගත්තොත් මූ මගේ බෙල්ල නෙවේ , කෙලින් ම පුකට රොකට් එකක් බස්සලා හදට යවයි යකෝ පැණි හද සිහිවෙන්න ම..
" අනේ නෑ . කිසිම ප්රශ්නයක් නෑ . හ්ම්... කොහොමත් මමත් උඔ එනකන් තමා බලන් හිටියේ . "
" හහ්... මම එනකන් . "
ඒ පාර මේ පිස්සු ඩබල මොන මගුලක් නටන්න යනවා ද මන්දා සාන්ත . යකෝ මුන් දෙන්නා නිකන් උඩින් මිතුරු යටින් අන්තර්ජාතික, පරම පිවිතුරු , වසර ගණනක් එකට ම ඉන්න පෙරුම් පුරපු සතුරු ජෝඩුව වගේ නේ හැසිරෙන්නේ .
YOU ARE READING
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
