77 ♥️

55 4 66
                                        

( අන්තිමේට උන දේ මතක නෑ වගේ නම් කලින් එපිය උඩින් පල්ලෙන් හරි කියවන්න පෙන්ස් . නැත්තන් මොන්ගල් වගේ තියෙයි . හී... ) 

" අතක් !!!! "

කෙනුල් හෝල් එක දෙවනත් වෙන තරම් සද්දෙකින් එහෙම කිව්වා ම මම ඇස් දෙකත් ලොකු කරන් මස්සිනා දිහා බැලුවා . එතකොට ... එතකොට මස්සිනා ඇත්තටම ..... මනුස්සයෙක්ගේ අතක් කපාගෙන ඇවිත් ද යකෝ .

නෑ ..නෑ... උඔට පිස්සු ද එවෝන් . ඌ මොන මගුලට ද වෙන උන්ගේ අත් කපාගෙන ඒවා පෙට්ටිවල දාගෙන එන්නේ. ඒ අත ....

ඒ අත ගොඩක් දුරට එයා අතින් වුන වැරැද්ද හදාගන්න ගෙනාපු අතක් වෙන්න ඕනේ .....

ම්හුක්...ඔක්කොමත් තියලා හබියා උගේ අත අයින් කරගන්නේ නෑනේ අප්පා. මොන මගුලක් කරනවා ද මන්දා . නිකේ පෙට්ටි කඩනවා බලන්න දුන්නේ නැති එක නම් කමන් නෑ කියමුකෝ . මස්සිනා අලුත ගෙනා අත බලන්නවත් දෙන්නේ නැනේ මේ ගෝන් තඩියා .

" ලෙවින් අයියේ ...."

" ම්ම්ම්..."

මම මූණ පුප ලෙවින් අයියාට කතා කරාම එයා අත නෙවේ ඇඟිල්ලක්වත් අල්ලන් හිටියේ නෑ වගේ කිසි ගානක් නැතුව මගේ පැත්ත හැරුනා .

" ඒ... ඒක ඇත්තට ම නිකේට ද ගෙනත් තියෙන්නේ "

" හ්ම්... ඇයි ඔයාටත් ඕනෙ ද එවෝන් . ඕනේ නම් මම අයියාට කියන්නම් ඔයාටත් එකක් හදලා දෙන්න කියලා .ම්ම්..."

ආර්හ්හ්... මූ නම් ඇත්තමයි . මොකෙක්ද බං අයියේ උඔ . ලෙවින් අයියා සමච්චලේට වගේ හිනා වෙලා එහෙම කිව්වා ම මම උට රවලා මස්සිනා දිහා බැලුවා . මුගෙන් අහන කට හොදයි.... මම බනිස් කන්න ගන්නවා.

" මස්සිනේ .... මටත් ඔය අත හරි කකුල හරි මොකක් හරි තියන එක පෙන්නනවාකෝ ඒයි . මේ හබියා මේසේ අස්සෙ-ම්ම්හ්......... මම ...මම මේ කියන්න ගියේ මූ මගේ ඔලුව මේසේ වදියි කියලා බයට නැගිටින්න දෙන්නේ නෑනේ අප්පා . මේ...මේ.. මටත් පෙන්නනවාකෝ පොඩ්ඩක්. "

ආර්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ...... මාව... මාව මරාගෙන කාපන් මිනිහෝඕඕඕඕඕ .....

මොකද්ද යකෝ ඒ කරපු වැඩේ . තව පොඩ්ඩෙන් මුන් හැමෝම ඉස්සරහා කෙදිරිත් ගෑවෙනවා ගෝත වලත්ත , වල් වැදුනු , අසික්කිත , බූරු , හරක් , මී වස්සෝ . මූ නම් කරොත් කරන්නේ ඔහොම වැඩක්ම නේ අප්පා . මොන පලියක් ගන්නවා ද මන්දා සාන්ත .

හදවත් ❤️ (ZOMBIE - BL)Where stories live. Discover now