⚠️⚠️ කතෘ මානයෙන්
_______________♡
" ආර්හ්.. ෂිට් . උඔ... උඔ නම් මහ පිස්සෙක් ලෙවින් . Fuck it... මොකද්ද යකෝ මම ඒ කරේ . "
තීනුගෙන් ඉල්ලගත්ත හෙන ලොකු කැබ් එක පාලු පාරවල් දිගේ ඩ්රයිව් කරගෙන යන ගමන් ලෙවින් තමන්ට ම එහෙම කියාගත්තේ එක අතකින් තමන්ගේ කම්මුලකට ගහගන්න ගමන් .
මේ පාර එවෝන්ටත් වඩා හොදට තමන් ඉල්ලන් කන්න යනවා කියලා මතක් වෙද්දි ලෙවින් අඩන්න බැරිකමට තරහා පිටකරත්තේ තමන්ගෙන්මයි .
ලෙවින් හොදට ම දන්නවා මේ ගමන එයාට එවෝන් නැතුව ලේසියෙන් යන්න පුලුවන් ගමනක් නෙවේ කියලා . ඒ හැරත්... දැන් ලෙවින්ට මහ ලොකු වෙලාවකුත් නෑ .
ඉතින් ඒ අතරතුර කොල්ලා කොහොම හරි පැකේජ් එක අදාල තැනට භාර දෙන්නත් ඕනේ . ඉතින් ඒ නිසා ම ලෙවින්ට ආයෙ වෙන කෙනෙක්ට එන්න කියන්න තරම් වෙලාවලකුත් නැති තැන ඕනේ මගුලක් වෙන්න කියලා එයා කෑම්ප් එකේ බෝඩර් එක ඉවර වෙන තැනට වාහනේ ඩ්රයිව් කරා .
" අශ්වින් බොස් . "
කෑම්ප් එකේ බෝඩර් එක ඉවර වෙන තැනට ම කැබ් එක අරන් ගිය ලෙවින් ඒ විශාල ගේට්ටු , බැමි , ලී කොටන් දාලා වෙන් කරලා තිබ්බ කොටස ලග වාහනේ නවත්තද්දි , ලෙවින් ලගට දුවන් ආවේ එතන ආරක්ෂාවට හිටිය ටිකක් තරුණ කොල්ලෙක්. තරුණ කිව්වට ඌ ලෙවින්ටත් වඩා වැඩිමල්. හැබැයි වයසින් විතරයි ...
" ම්ම්... මම තව විනාඩි දහයකින් ඇතුලට යනවා . ගේට් එක ඇරපන් "
ලෙවින් වාහනේ ග්ලාස් එක විතරක් ලාවට පාත් කරලා ඒ මිනිහාට එහෙම කියද්දි කොල්ලා නම් ඇස් දෙකත් ලොකු කරන් කැබ් එක ඇතුල බැලුවේ තව කෙනෙක් ඉන්නවා ද කියන එකට වඩා මේ වාහනේ අරන් ද බොසා යන්නේ කියලා හිතාගන්න බැරුව .
ඒත් ඉතින් ඒ මනුස්සයා වාහනේ දිහා බලන් ඉද්දි ලෙවින් ඇහැකුත් උඩ දාලා ඒ මිනිහා දිහා බැලුවාම ඌ ඒ බැල්මට ම බය වෙලා පිටිපස්සට වුනා . කොහොමත්.... එවෝන් ඉස්සරහා පොඩි එකා වගේ හුරතල් වෙන ලෙවින් නෙවේ දැන් ඇත්තටම හිටියේ .
" මොනවාද බලන්නේ "
ගොරහැඩි කටහඩකින් ලෙවින් එහෙම අහද්දී කොල්ලා නම් මොකුත් නොදැක්ක , නොබැලුව ගානට පිටිපස්සට වුනා.
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
