83 ♥️

43 4 72
                                        

⚠️⚠️ කතෘ මානයෙන් ( II )
_______________♡

' ඩෝං '

කැලබිලා තිබ්බ ඒ මූසල නගරය ම වෙඩි සද්දෙත් එක්ක තත්පර ගානකට නිශ්ශබ්ද වෙලා යද්දි කාර් එක ඇතුලේ හිටිය ලෙවින්ගේ අතේ තිබ්බ ගන් එකත් නිකන් ම බිම වැටුනා .

ඇවිදින මලමිනී රජකරන මුලු නගරයට ම හිටිය එකම පණ ගැහෙන හදවත ලෙවින් විතරයි නම් ඒ.... ඒ කවුද .

වෙන දේ හිතාගන්න බැරි වුනත් ඒ වෙඩිල්ල ආවේ ඔච්චර වෙලා ලෙවින් හිර වෙලා හිටිය වාහනේ පැත්තෙන් කියලා නම් ෂුවර් . ඒත්.... ඒක ලෙවින්ගේ වැඩක් නෙවේ නම්.....

එකපාරට ම ඇහුන වෙඩි සද්දේත් එක්ක එවෝන්ගේ ලෝකෙට වෙලා මුද්ද දිහා බලාගෙන හිටිය ලෙවින් කොච්චර ගැස්සුනා ද කියනවා නම් , කොල්ලා ගැස්සුන පාරට අතේ තිබ්බ පිස්ටල් එකත් බිම .

" ෂිට් ... ආර්හ්... ලෙවින් . උඔ... උඔ මොනවා ද මිනිහෝ ඒ කරගන්න ගියේ . "

වැටුන පිස්ටල් එක දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටිය ලෙවින් තමන්ට ම එහෙම කියාගත්තේ කටත් ඇද කරන් .

තමන් ආයෙත් මෝඩයෙක් වගේ ඔක්කොටම කලින් සියදිවි නසාගන්න හැදුවා කියලා මතක් වෙද්දි ලෙවින්ට එයා ගැනම ආවේ ලොකු තරහක් .

' ඩෝං '

ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ම ආයෙත් වෙඩි සද්දයක් කාර් එකට එලියෙන් ඇහෙද්දි ලෙවින්ට තේරුනා එලියේ මොනවා හරි වෙනවා කියල . ඒත් මේ වෙද්දිත් ලෙවින් ඉන්න කාර් එක සොම්බිලා කොච්චර වට කරලා ද කියනවා නම් අඩුම ගානේ ලෙවින් එලියේ මොනවා වෙනවා ද කියලාවත් පේන්නේ නෑ .

එලියේ මොනවා වුනත් ඒක තමන්ට මෙතනින් ගැලවෙන්න උදව් වෙන්නේ නෑ කියලා දැනෙද්දි ලෙවින් කරේ අන්ධයෙක් , බීරෙක් ගානට කාර් එක වටේ හිටිය සොම්බිලා දිහා බලන් හිටිය එක .

දැන් ටිකකට කලින් කොල්ලා තමන්ට ම වෙඩි තියාගන්න හිතාගෙන පිස්ටල් එක ගත්තත් ලෙවින්ගේ හිතේ යාන්තමටවත් මැරෙන්න අදහසක් නෑ . ලෙවින්ට කොහොමත් මැරෙන්න නම් ඕනේ නෑ . එයා හිටිය සිටුවේෂන් එක විතරයි පොඩි ප්‍රශ්නයකට තිබ්බේ.

හදවත් ❤️ (ZOMBIE - BL)Onde histórias criam vida. Descubra agora