79 ♥️

51 4 101
                                        

ඊයේ රෑ නටපු පිස්සුවට පස්සේ ආයේ උදේ නැගිටිද්දි දහයත් පහු වෙලා කියහ්නකෝ . ඒත් ඉතින් ඒ නැගිටිනකොටත් හබ්බා කාමරේ තියා පේන මානෙකවත් නැති වෙද්දි මාත් හොයලා හොයලා බැරිම තැන වොශ් රූම් එකට ගියේ උදේට ඉන්න මලපෙරේත මූඩ් එකෙන් සාමාන්‍ය මූඩ් එකට එන්න හිතාගෙන.  

වොශ් රූම් එකට ගියපු මම කණ්නාඩිය දිහා බලාගෙන පැය ගානක් කල්පනා කරේ ඊයේ රෑ වුනේ මොනවා  ද කියලා . ම්හුක් ... ඊයේ රෑ ගැන හිතද්දි තාමත් පිස්සු වගේ යකෝ නිකන්.

ආර්හ්හ්... හබ්බාගේ හැඩ මතක් වෙද්දි ඊට වඩා පිස්සු හැදෙනවා සාන්ත . මිනිහෙක් ද , ඒලියන් කෙනෙක් ද , අර කතාවල ඉන්නවා වගේ කුමාරයෙක් ද බං ඒ . ම්හුක්... මගේ නේ ඉතින් .

ඒත් ඉතින් ඔක්කොම හොදයි හබියාගේ හිත තමා කැත ඈහ් . වල් ඩැඩියා ... ඊයේ හබ්බා නිදාගන්න ලන් වෙලා කියපු කතාව මතක් වුන පාර මට මගේ ම තොල හැපුනා කියහන්කෝ .

ම්හුක්.. මම අද හබියා එක්ක එලියට යන්න ම ඕනේ ද සාන්ත . ඒත්... ඒත් පැණි හද . ආර්හ්හ්... අර ඇණකොණ්ඩාව මතක් වෙද්දි මගේ කකුල් දෙකත් පණ නැති වෙනවා දෙයියනේ . ඉතින් කොහොම දරන්න ද සාන්තයියේ ...

" තමුසේ නම් මහ වලත්තයෙක් ඩැඩියෝ . ආර්හ්.... තමුසේ මටත් පිස්සු වට්ටනවා නේ ලෙවින් අයියේ  . බලපන්කෝ ඉතින් කලින් හිටිය සිල්වත් , පින්වත් , ගුණවත් , නැණවත් , සිරිමත්ව උඔ වල්මත් කරලා නේ අප්පා . මම තරහයි අනේ උඔ එක්ක . හුම්..."

නෑ...නෑ ... බං , හබ්බාට නෙවේ කිව්වේ . බාත්රූම් එකේ කණ්ණාඩියෙන් පේන මටමයි මම කියාගත්තේ. 

ඇයි ඉතින් මම දැන් ඉන්න විදිහ දකිද්දි මට ම හික් ගෑවෙනවා කියහන්කෝ. කොණ්ඩෙත් නිකන් පිස්සෙක් වගේ ඇවිස්සිලා , බෙල්ලෙයි , පපුවෙයි හැම තැනම අරකාගේ දත් පාරවල් . ඇදන් ඉන්න හබ්බාගේ ගෝනි ෂර්ට් එකේ අතකුත් පැත්තකින් පාත් වෙලා . ම්හුක්.. පොඩ්ඩක් සෙස්සි හැබැයි . කාට ද ඉතින් ආඩම්බර... හුම්..

' ටොක් .. ටොක් ... '

හෑ...  ඒ පාර මොකා ද  බං . ඌප්ස් ... හබ්බාවත් ඇවිල්ලා ද . ඒත් .... ඒත් ඌ මොකට ද දොරට තට්ටු කර කර ඉන්නේ . ඇරගෙන එන්න බැරි ඈ .

හදවත් ❤️ (ZOMBIE - BL)Onde histórias criam vida. Descubra agora