තවත් ඒ අහින්සක මූණ බලන් ඉන්න බැරිකමට ලෙවින් අයියාගේ අතිනුත් ඇදගෙන කාමරයෙන් එලියට යන්න හැදුව මම නිකන් ම ඒ කටහඩට නැවතුනා . මාව ගල් වුනා . කොටින් ම කියනවා නම් පපුව ඇතුලේ ගිනි ගන්නවා වගේ දැනුනා .
" ත...ත්ති "
මම හැරෙන්න ඕනේ ද දෙයියනේ . මම කොහොමද යකෝ මගේ මැණිකට මූණ දෙන්නේ . අනික අපි දැන් යන්නත් ඕනේ . ඉතින් එහෙම එකේ .... ආර්හ්හ් ....කොහොමද යකෝ ඒ මූණ දිහා බලලා ආයෙත් යන්නේ .
මම යාන්තමට හැරිලා ලෙවින් අයියා දිහා බලද්දි අයියාත් මම දිහා බැලුවේ කරන්නේ මොකද්ද කියලා එයාටවත් කිසි අයිඩියා එකක් නැති වෙද්දි .
අපි දැන් හැරුනොත් ... මම හිතන්නෑ ආදී අපිට ආයෙත් යන්න දෙයි කියලා . ඒත් එහෙම වුනොත් ... අපි ... අපි මොකද කරන්නේ . අනේ මට මොනවා කරන්න ද කියලා තේරෙන්නේ නැ යකෝ .
" පපා උයාලා දෙ..නා ආයේ නනව ද . "
පොඩි එකා ටිකක් සද්දෙට එහෙම කියද්දි මගේ කන්වල ඒ කටහඩ දෝංකාර දුන්නා . හිරකරන් හිටපු කදුලු බින්දු දෙකක් කම්මුල් දිගේ පල්ලෙහාට ගලද්දි ලෙවින් අයියා වගේ ම මාත් ආයෙත් ආදිගේ පැත්තට හැරුනේ ඊලගට මොන දේ වුනත් ඒ වෙන දේ බාරගන්නවා කියන හැගීමෙන්.
මම දන්නවා මම තමා මේකට වැරදි කියලා . මම ... මම ආත්මාර්ථකාමී වුනා . මට තිබ්බා අයියා යන් කිව්ව වෙලාවේ යන්න . එහෙනම් ... මේ වෙද්දි අපි කාටවත් මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැතුව ඇති .
ඒත්... මම ඒ කොල්ලාගේ තාත්තානේ දෙයියනේ . ලේ බැඳීමක් නැති වුනත් ඌ තාත්තා , පපා කියන්නේ අයියාටයි , මටයි නේ . ඉතින් කොහොමද යකෝ තාත්තෙක් තමන්ගේ පුතාගේ මූණ නොබලා යන්නේ. මම .... මමත් මේ වෙලාවේදී අසරණයි ආදි මැණික .
මම අමාරුවෙන් උනත් මූණට හිනාවක් අරගෙන කොල්ලාගේ පැත්තට හැරුනාත් ඒ ලොකු කලු පාට ඇස් දකිද්දි මගේ ඇස් ආයෙත් බොද වීගෙන ආවා . දෙයියනේ මගේ මැණික....
පොඩි එකාගේ කලු පාට බෝල ගෙඩි දෙක වගේ ඇස් දෙකේ කදුලු එකයි . කටත් නොපිටට පෙරලන් හිටිය පොඩ්ඩා ඉන්නේ අඩන්න ඔන්න මෙන්න කියලා ආයේ වෙනම කියන්න ඕනේ නෑ . .
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
