( තරහා නැතුව ටයිපින් මිස්ටේක් තිබ්බොත් කියාගෙන යන්න හොදේ 🥲❤️)
_____________________________
" හ්ම්... අර පාලම ලග "
ලෙවින් අයියා ටිකක් ඈතින් තිබ්බ පාලමක් පෙන්නලා එහෙම කිව්වා ම මම ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බැලුවා . ඒත්...ඒත් ඔය වගේ තැනක බොම්බයක් දාලා අපි ආයේ එන්නේ කොහොම ද බං . මුට පිස්සු ද , මොන්ගල් ද . මරි මොන්ගල් ද .
" සිරාවට ම උඹේ ඔලුව වැදුනා ද අයියේ . පාලම උඩ බෝම්බ දාන්න ගිහින් උඔ එන්න හිතාගෙන ඉන්නේ ඒදණ්ඩක් හදාගෙන ද . "
මම රවාගෙන ම එහෙම කිව්වා අයියා නම් කටත් ඇද කරන් මම දිහා බලන් හිටියා . ඇයි... ඇයි ඈ. මම වැරැද්දක් කිව්වා ඈහ්... පාලම කැඩුනාට පස්සේ මූ මුගේ ඇනකොණ්ඩා හරහා දාලා එගොඩ වෙන්න ද දන්නෑ හිතාගෙන ඉන්නේ. එච්චර දිගයි නේ. ම්හුක්....
" එවෝ....න් . ඒක එච්චර පවර්ෆුල් බෝම්බයක් නෙවේ මැණික . ඒ කියන්නේ .... පාලම පුපුරන්න තරම් ලොකු පවර් එකක් ඒකට නෑ . නෝමලි සොම්බිලාගෙන් බාගයක් විතර ඉවර කරන්න පුළුවන් වෙයි ..... ඊට වඩා ලොකු දෙයක් නම් කරන්න බෑ මම හිතන විදිහට "
ලෙවින් අයියා එහෙම කියලා බෑග් එක අදින්න ගත්තාම මම හෙන ගේමක් දීලා සයිඩ් කණ්ණාඩියෙන් බෝම්බේ දිහා බැලුවා . පොඩි සයිස් අත් බෝම්බයක් වුන ඒක ලෙවින් අයියාගේ අතෙන් බාගයක්වත් තිබ්බේ නෑ . ඒත්.... ඔය බෝම්බ පොඩි වුනාට හෙන සැර ඇති බං . හරියට අර කෙනුලයා වගේ .
" ඔයාට මේ ගැන ෂුවර් නේ අයියේ . "
" yup . ඔයාට ස්පීඩ් එක වැඩි කරන්න පුලුවන් නම් .... ඔව් . සීයට සීයක් ම ෂුවර් . "
ලෙවින් අයියා ලස්සන හිනාවක් දාලා එහෙම කියලා මගේ උරහිස්සකට පුංචි හාදුවක් දුන්නා ම මාත් සුපුරුදු පරිදි හුම්.... ගෑවා . තාම තරහයි නේ මන්.....
අපේ පිටිපස්සෙන් දැනටමත් සොම්බිලා හෙන ගොඩක් එනවා යකෝ. උන්ට බයික් එක තරම් වේගයකින් එන්න බැරි වුනාට , බයික් එකේ සද්දෙට වටේ පිටේ ඉන්න සොම්බිලායි , අතුරු පාරවල්වල ඉන්න සොම්බිලායි ඔක්කොම බයික් එක පිටිපස්සෙන් එන්න ගද්දි .... හ්ම්... මටත් ලෙවින් අයියාගේ අදහසට එකග වෙනවා හැර වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ .
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
