" මම ද , රෙහාන් ද කියන එක එවෝන් . එහෙම නැතුව තව දුරටත් මම ලෙවින් විදිහට ම ඉන්න ඕනේ ද , නැත්තන් රෙහාන් වගේ ඉන්න ඕනේ ද කියන එක නෙවේ . හ්ම්... මට දැන් ම උත්තරයක් ඕනේ නෑ . ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ . ඔයා මොන තීරණේ ගත්තත් මම ඒකට ගරු කරනවා . "
" ලෙවින් අයියේ !!!! "
උඹේ මොලේ කොහේ හරි වැදුනා ද යකෝ . ආර්හ්හ්... කොහෙද මිනිහෝ මාවත් දාලා යන්නේ .
ලෙවින් අයියා එහෙම කියාගෙන මාවත් අර පුස් ගද ගහන ජරා කාමරේ තනිකරලා එලියට යන්න ගියාම මම ටිකක් සද්දෙට ම එහෙම කිව්වා . ඒත් මේකා නිකන්වත් හැරුනේ නෑ කියහ්නකෝ . අනේ ඇත්තමයි මූ නම්...
ආර්හ්හ්... පුලුවන් නම් මාව මරාගෙන කාපන් හබියෝ. ම්හුක් ... මේ විකාර බලද්දි අර කටුස්සා හොදයි කියලාත් හිතෙනවා සාන්ත .
ඇහ්... අම්මෝහ් නෑ.... නෑ... හබියාට තියෙන ඤාණවල හැටියට හිත කියවන ඤාණයක්වත් තිබිලා මම කියන ඒවා ඇහුනොත් ඉවරයි යකෝ .
කරන්න දෙයක් නැතිකමට මාත් අර කඩාගෙන බිඳගෙන දිව්ව අං නැති ගොනා පස්සෙන් ගියාත් වැඩි දුරක් යන්න කලින් ලෙවින් අයියා පාර මැද නැවතිලා කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා දකිද්දි මම නිකන් ම නැවතුනා .
හ්ම්.. මූ දැන් ද ඇවිත් තියෙන්නේ . අනේ ඉතින් මෙහෙමත් මසියෙක් මටත් හම්බුනා නේ ....
මස්සිනා ලෙවින් අයියාව අල්ලගෙන හෙන ලොකු සාම සාකච්ඡාවක් දැම්ම අතරේ මාත් සේප් එකේ අයියා මලෝ ගාවට ගියා . දැන් ඉතින් අයියාව පවා දීලා හරි මල්ලි බබාව අල්ලා ගන්න එපැයි . අයි මීන්... හබියා .
" මම දන්නෑ . හැබැයි අයියේ අර රෙහාන් තව එකපාරක් හරි මගේ එවෝන්ගේ නමවත් කිව්වොත් ඇත්තමයි මම ඕකාගේ කෑල්ලක්වත් ඉතුරු කරන්නෑ . "
හෑ... මෙන්න බොලේ ඕනේ තීරණයක් ගන්න කියලා මටත් ගස්සලා , පුපත් ගස්සන් ගිය මිනිහා ආයේ මගුලක් කියවනවා . හ්ම්.. උඔ නම් මහ පිස්සු හබියෙක් ලෙවින් අයියේ .
සැකේ සැක් සාන්ත . මම හිතුවේ මේකා රවාගෙන , ඔරවගෙන කිව්ව විදිහට ආයේ මගේ මූණවත් බලන්නේ නැති වෙයි කියලා. එහෙම හිතුව එකා ම මෙහෙම කියනකොට හිනාත් යනවා බං .
YOU ARE READING
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
