"පුංචි රෝස මලක් කියන්නෙම
ලස්සන බැදීමක අයිතියක් විදූ".
.
.
.
.
.
.
.
.මම හිටියෙ සයාශ් අයිය නිදා උන්න කාමරේම බැල්කනි එකේ....කට්ටියම පහල තාමත් පාර්ටි දාද්දි නයෝම් දුලීප් සර් එක්ක ගියා මේනුව එක්කන් එන්න....මීට අවුරුදු පහකට කලින් පායපු හදම අදත් අහසෙ පායලා තිබුනත් එයයි මායි අද නොදන්න ගානට ආගන්තුකයෝ වෙලා....ඉතින් අහස....මම කියන්නෙ හැමදේම වෙනස් වෙනවා....නොවෙනස්වෙන එකම දේත් වෙනස් වීම කියලා කියන්නා වගේ මගේ ජීවිතේ කියන්නෙම ඇස් පිල්ලම් ගහන පමාවට වෙනස් උන ප්‍රෙහෙලිකාවක් වගේ....
"අ...ව්...බ්...ම..ම්ම්මාආ"
මන් හැරිලා බැලුවේ ඒ සද්දෙට....ඒ එයාගෙ රෝස මල....නවයත් පහු වෙලා මේ කොල්ලා තාම දුලීප් සර් අතේ නටනවා.....අත් දෙක වන වන මම්මා ගාද්දි මගේ මූනට මෙච්චර වෙලා නොතිබිච්ච ආදරනීය හිනාවක් ආවේ දන් නැතුවමයි....එයා දැන් මාව හොදට අදුරනවා....ආව ගමන් මගෙ අතට පැන්න මේනුට එයාගෙ ඩැඩා ගැනවත් මෙලෝ ගානක් තිබුන් නෑ....මගේ අතට පැන්න කොල්ලා කෙල තප්පයක් මගෙ මූනෙ උලද්දි දුලීප් සර් හිනා වෙලා නයෝම් දිහා බැලුවා...
"සයාශ්ගෙ බට්ටා දැන්මමනම් නිදා ගන් නැති පාටයි.....නයෝම්"
"ඒකනේ සර්....මෙච්චර වෙලා මූන එල්ලන් කෑ ගගහා ආව කොල්ලා දැන් ඉන්න ලස්සන බලන්නකෝ"
"හ..හ්..හාහා"
"සුදු පුතා....බඩගිනිද ම්ම්"
"පප්පාප්පා..."
"පප්පා ආ"
"අම්ම්ම්ම්"
"දුලීප් සර් බබාගෙ පිටි එක"
"ගෙනාවා මල්ලී...මන් හදන් එන්නම්....නයෝම් ඔයා කට්ටියව බලන්න"
"හරි සර්"
YOU ARE READING
විදූ.....(ongoing)
Lãng mạnකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...