සෙනාශ් pov,
" මොකද උබ මෙහෙ.."
" ඇයි මට මෙහෙ එන්න බෑද.."
" වෙනදා උබ මේක අස්සට එන්නෙ හොදකට නෙවෙයි නෙ.."
" එහෙම නෑ හරිද..අම්මාගෙ ආරව් හරි හොදයි මෙන්න මේක සයින් කරලා දෙන්න පීස්.."
තාත්තාගෙ ටේබල් එක උඩින් ෆයිල් එකක් තිබ්බ මං ඉස්සරහා තිබ්බ පුටුවකින් ඉද ගත්තෙ තාත්තා ඒක අරන් බලන අතරේ..
මේ සෙනාශ්ට මේ දවස් ටිකේ හරීයට වැඩ..මං ඇවිල්ලා වෙන්ඩ ප්‍රිෆෙක්ට් කෙනෙක් ඒ උනාට ඉන්න ප්‍රිෆෙක්ට්ලාට වඩා වැඩ ගොඩක් මං කරනවා..සසිරුගෙ මිනිහා තමා මේ ඔක්කොටම මුල..
" මොකක්ද මේ.."
" දන් නෑ මිනිදුවා කිව්වෙ ඔයාට කියලා සයින් කරන් එන්න කියලා.."
" අහ්..එහෙනම් වැදගත් දෙයක් වෙන්න ඇති.."
දැක්කා නේ..දැනුත් මේ සෙනාශ් ඔෆිස් එකේ රස්තියාදු උනේ උගෙ පක්කාලි වැඩක් නිසා..
අපෙ තාත්තාටත් ඉතින් මිනිදුව කොච්චර විශ්වාසද කියනවානම් දුන්න ෆයිල් එක හරියට බලන්නෙවත් නැතුව ටක්ගාලා සයින් කරා..
ඊලග පාර අපෙ වැඩ කර ගන්නත් මිනිදුව පාවා දුන්නානම් හරි..
" ඔච්චර ශුවර්ද පොරව.."
" මෙච්චර කල් කිසිම වැරදි දෙයක් නොකරපු ළමයෙක් ඒ.."
" තාත්තා දන්න ඉටිගෙඩිය.."
" ඇයි දැන් ඒ ළමයා මොකද කරේ.."
මං නෝක්කාඩුවට වගේ කියද්දි තාත්තා ආවේ මගෙන් ගේම ඉල්ලගෙන..
ඒ ළමයා කරන දේවල් කියන්න තිබ්බා ඉතින් සසිරුවා මගෙ එකා නොවුනානම්..ඒ දරුවාට යන කලදසාව මොකක්ද මං හෙඩාගෙ කෙරුවාව ඉස්කෝලේට මාට්ටු කරලා දුන්නාම..ඕන්න ඕක තමා ප්‍රශ්නේ..
" නෑ නෑ මුකූත් නෑ..ඌ බබා ඌ හරී හොද....එකා..අපි නරකයි ඌ හොදයි.."
" අන්න හරි මගෙ පුතේ..උබලා නරකයි තමා..කෝ දැන් අනිත් නැටි දෙක..මතීශ් අවුලක් නෑ නේ.."
" අවුලක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ..ඔය හිටි ගමන් පොඩ්ඩක් ට්‍රැක පනින සීන් එකක්නම් තියනවා ඒ ඇර වුලක් නෑ.."
YOU ARE READING
තුන්කොන් BL
Roman pour Adolescentsතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
