සසිරු's pov..
" විදූලා දන් නෑ..එයාලා නැතුව මං තනි වෙන හැම වෙලාවකම උන් මට කරදර කරා.."
" ලොකු අයියා දවසක් මට කිස් එකක් දීලා යනවා දැකලා එදා ඉදන් තමා පටන් ගත්තේ..හවස චෙස් ප්රැක්ටිස් ඉද්දි විදූලත් නැති නිසා මාව ටොයිලට් එකට ඇදන් ගිහින් කරදර කරන්න ගත්තා..ශර්ට් එකත් ගලවන්න ගියා..එයාලා ඒ ඔක්කොම වීඩියෝ කරලා තමා සල්ලි ඉල්ලන්න ගත්තේ..දුන්නෙ නැත්තන් වීඩියෝ එක ඉස්කෝලේ ඔක්කොටම යවනවා කිව්වා.."
අපි හිටියෙ පොඩීගෙ කාමරේ..එයා ඇදේ ඉදගෙන මෙච්චර කල් අපි කවුරුත් නොදැනුවත්ව එයාට උන දේවල් මුල ඉදන් අගට කියනකන් අපි අහන් හිටියෙ හරි අමාරුවෙන්..මට ඇඩෙනවා..සෙනාශ් මතීශ් දෙන්නා අඩන්න බැරිකමට අත්මිටි මොලවන් ඔහේ බලන් ඉන්නවා..ලොකු අයියත් දණිස් දෙකේ අත් තියාන ඔලුව නමාන බිම බලන් ඉන්නවා..එයානම් හොදටම අඩනවා..ටයිල් පොලවට අයියාගෙ කදුලු බිංදු ගොඩාක් වැටිලා..ඒත් කිසිම සද්දයක් නෑ..අම්මාත් තාත්ති එක්ක හොදටම අඩනවා අරෙහේ..
අපෙ හිත්වලට වැඩියෙන්ම වද දුන්නෙ පොඩීට මෙච්චර දෙයක් වෙනකන් අපි නොදැන හිටියෙ ඇයි කියන එක..ඇයි එයා වෙනුවෙන් අපිට මුකුත්ම කරන්න බැරි උනේ කියන වරදකාරි හැගීම හරි බරයි..
" මාව දකින දකින තැන ගහන්න ගත්තා..අනවශ්ය විදිහට අල්ලනවා..ඊට පස්සෙ කියන්නෙ උබට නගින්නෙවත් නෑ නෙ කියලා.."
" ඇයි උබ අපිට කිව්වෙ නැත්තේ.."
" මං කිව්වානම් ඔයාලා උන්ට ගහන එකනෙ කරන්නෙ මතීශ් අයියා..ඒකෙන් උන්ට මාව තවත් පොන්නයෙක් විදිහට පේයි.."
" එක වචනෙ කියදී උබ අපිට කිව්වානම් මෙච්චර දෙයක් වෙන් නෑ නේ..දැන් හරිද තෝ තනියම ඔක්කොම විසද ගත්තද.."
" සෙනාශ්.."
සෙනාශ් බොරුවට කියවන්න ගද්දි මං ඌට ටිකක් සද්දෙන් කතා කරෙ මෙච්චර වෙලා මගෙ ඔඩොක්කුවෙ නිදාන හිටිය පිකාචුත් ගැස්සිලා ඇහැරෙද්දි..
සෙනාශ් කෑ ගහන්නෙ වේදනාවට..එහෙමයි කියලා වෙච්ච දෙයක් වෙනුවෙන් සිතූට දොස් කියලා තේරුමක් නෑ..අපි බලන්න ඕනි මෙතනින් එකාට කරන්න පුලුවන් දෙයක්..
YOU ARE READING
තුන්කොන් BL
Подростковая литератураතුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀
